Posts

අපරාධයේ ප්‍රාසාංගික බව මාධ්‍යයෙන්

Image
මාධ්‍ය සිව්වන ආණ්ඩුව වශයෙන් සැලකේ. මිනිසා ජීවත් වන සමාජය තුල සිදුවන වැදගත් තොරතුරු ආදිය බෙදා හැරීම මාධ්‍ය තුලින් සිදුවේ. රටක් පාලනය කරන පාලකයා මෙන්ම මාධ්‍ය තුලින්ද ජනතාවගේ ශික්ෂණය පාලනයට යම් වැඩපිලිවෙලක් සකස් විය යුතුමය. අද වන විට තම එදිනෙදා ක්‍රියාකාරීත්වය මාධ්‍යට අනුව හසුරුවාගෙන සිටින සමාජයක් තුල සිටින ජනතාවට මාධ්‍ය තුලින් යහපත මිස අයහපත මුසු වීම යුතු නැත. ලංකාව තුල මාධ්‍ය අතර සුවිශේෂී ලෙස අපරාධ වාර්තාකරණයෙහි යෙදෙන මාධ්‍යක් ලෙස රූපවාහිනිය හඳුන්වා දිය හැකිය. අද වන විට එය ඉදිරිපත් වන්නේ ප්‍රාසාංගික අන්දමිනි. සමහර අපරාධ නාට්‍යක් තුල ජවනිකාවක් ලෙස දිස් වේ. මේ සියල්ල මාධ්‍ය තුලින් අපූර්ව ලෙස එක්තැන් කරගනු ලබන්නේ, ජනතාවට ඒ අපූර්වත්වය නිර්මාණශීලී ලෙස ඉදිරිපත් කරමින් ජන මනස ඒවා නැරඹීමට පෙළඹවීම් ගැන්වීමයි. අපරාධකාරයින් අපරාධ කරනවා සේම මාධ්‍යද අපරාධ සිදු කරයි. මිනී මරයි. පිහියෙන් අනී. අද රාත්‍රීයේ විකාශනය වන පුවත් විමසුමක මෙවැනි පුවත් අනිවාර්යය වේ. මන්ද ඒ සියලු නිර්මාණශීලීත්වයන් ජනප්‍රියත්වය මුහු කරගත් ඒවා වීමය. අද වන විට මිනීමැරුමක් සිදුවුවද එය අපූර්ව අන්දමින් මාධ්‍යගත කරයි. එය සිදු ව

සමබර පුවත්

Image
උදේ දිවා රැය ඕනෙම වරුවක පැයෙන් පැය වේවා...... විගසින් අප වෙත ඒවි ගලා.......... ගුවන් විදුලි රූපවාහිනී පුවත්පත් ඕනෙම ලෙසකින් විගසින් අප වෙත ඒවි ගලා.... පක්ෂපාතීකම් හිමිකාරීකම් බලලෝබිකම්....නොමවේ නම්...... ලැබේවි සැමදා සමබර තතුවිත්‍ති පුවත් තුලින් ...... සංවර්ධන අරමුන වෙත යෑමට සමබර පුවතක්....පිටුබල වේවි....මනා....... K.M.K.G.T.S.Hennayake Sc/Mm/2015/2016/26

මළපොතේ අකුරේ පණිවිඩය

Image
අපේ ආදී මුතුන් මිත්තෝ සරල ආකාරයට  සිදු කරපු සන්නිවේදන ක්‍රම අතර මේ  මළපොතේ අකුරේ සන්නිවේදන ක්‍රමයත් ප්‍රචලිතයි. දැන් ඔයත් මළ පොතේ අකුරේ සන්නිවේදනය දන්නවා. ඒත් මළපොතේ අකුර දන්නැති ඔයාගේ යාලුවෝ ඕනී තරම් ඇති. ඉතින් එයාලටත් මේ පණිවිඩය දෙන්න.. W.A.A. ishani Wanasinghe SC/MM/2015/2016

මාධ්‍ය සංහතිකය

අතීතයේ සිට පැමිණි "මාධ්‍ය" පියවර පැන Masses ලා හට සංහතික තොරතුරු සම්ප්‍රේෂණයද... මතවාදී, දැනුම් ලබා දීම්, අධ්‍යාපනික, සන්නිවේදනාත්මක ස්වරූප.. ගුවන්විදුලි, රූපවාහිනී, පුවත්පත්, සිනමා ආදී මාධ්‍ය තුලින්.. තොරතුරු ලබා දෙමින්.. "තොරතුරු සමාජයක්" නිර්මාණයද අපූර්ව වේ... udamahima Sc/MM/2015/2016/83

මාධ්‍ය නිරුවත

Image
මීතොටමුල්ලේ කුණු කන්ද නාය ගියදා නුඹ ඇහුවද මීතොටමුල්ලෙද කියලා.. මොණරාගල කෙල්ලෙක් ඊයේ පෙරේදා මැරුණා නුඹ ඇහුවද මොණරාගලද කියලා.. ඒත් අද මාතර කොල්ලෙක් පිහියෙන් ඇනලා මැරුවම කියන්නේ.. මාතර මිනිස්සු දකුනේ මිනිස්සු හොඳ එවුන් නෙමෙයි කියලා.. අද මාතර ගැන සර්ච් කරද්දී පේන තොරතුරු මොනවද.. ඇත්තටම මේ රටට පිස්සුද.. ලෝකයක් බලා සිටීවී මේවා ගැන.. (Media cartoon ) U.W.S.Udamahima SC/MM/2015/2016/83

ප්‍රාදේශීය වාර්තාකරුවන්

Image
                      තාක්ෂණය කෙතරම් දියුණු උවත් ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුල වාර්තාකරුවන්ට හිමි තැන මේ වන තුරු කිසිවෙකුත් අබියෝග කිරීමට හැකියාවක් ලැබී නැත . එහිදී ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රධාන වේ.         නමුත් වර්තමානය වන විට බොහෝ ප්‍රාදේශීය වාර්තාකරුවන් මුහුණ දෙන ගැටලු බොහෝ පවතී. ඒවා සමාජයේ වගකිවයුතු නිළධාරින්ගේ  අවදානයට ලක්නොවීම අතිශය කණගාටුවට කරුණකී. එහිදී, * ඔවුන්ට පිලිගත් නිසි වැටුප් ක්‍රමයක් නොමැති වීම * ගමන් ගාස්තු ,දුරකථන ගාස්තු, ආදී පහසුකම් නොමැති වීම * මාධ්‍ය ආයතන නිසි පුහුණුවක් ලබා නොදීම        ආදී කරුණුවලට අමතරව ප්‍රාදේශීය වාර්තාකරුවන්ට බොහෝ ගැටලු පවතී. එම නිසා ඉහත ගැටලු ඇතුලු අනෙකුත් ගැටලු පිළිබඳව අවදානය යොමු කර ඔවුන්ට සහන සැලසීම මගින් ඔවුන් දිරිමත් වේ. එලෙස ඔවුන් දිරිමත් කිරීම මාධ්‍ය ආයතනවල මෙන්ම රජයේද වගකීමකී. ඒ අනුව ප්‍රාදේශීය වාර්තාකරුවන් දිරිමත් කිරීම වෙනුවෙන් පහත පියවරයන් අනුගමනය කළ හැකිය. එහිදී , * ඔවුන් රැගෙන එන පුවත්වලට ගෙවන මුදල වැඩි කිරීම *  විශ්‍රාම වැටුපක් ලබාදීම * දේශපාලන බලපෑම්වලින් නිදහස් කිරීම * මාසිකව ස්ථීර දීමනාවක් ලබාදීම * දුරබැ

Pop culture කල වෙනස

Image
සින්දු ගීත වන්නම් නම් ඇති තරම්.. ලොව වටේම දුවන Super star dream star අද ලංකාවෙත් ඕන තරම්.. ගෝලීයකරණයේ අභිසෙස් මැද වැඩහිදිනා Pop cuture ඔයා තරම්... අපිව වෙනස් කල ජගතෙක් මේ ලොව නැති තරම්.. U.W.S Udamahima SC/ SS /2015 /2016/83