අපරාධයේ ප්‍රාසාංගික බව මාධ්‍යයෙන්





මාධ්‍ය සිව්වන ආණ්ඩුව වශයෙන් සැලකේ. මිනිසා ජීවත් වන සමාජය තුල සිදුවන වැදගත් තොරතුරු ආදිය බෙදා හැරීම මාධ්‍ය තුලින් සිදුවේ. රටක් පාලනය කරන පාලකයා මෙන්ම මාධ්‍ය තුලින්ද ජනතාවගේ ශික්ෂණය පාලනයට යම් වැඩපිලිවෙලක් සකස් විය යුතුමය. අද වන විට තම එදිනෙදා ක්‍රියාකාරීත්වය මාධ්‍යට අනුව හසුරුවාගෙන සිටින සමාජයක් තුල සිටින ජනතාවට මාධ්‍ය තුලින් යහපත මිස අයහපත මුසු වීම යුතු නැත.
ලංකාව තුල මාධ්‍ය අතර සුවිශේෂී ලෙස අපරාධ වාර්තාකරණයෙහි යෙදෙන මාධ්‍යක් ලෙස රූපවාහිනිය හඳුන්වා දිය හැකිය. අද වන විට එය ඉදිරිපත් වන්නේ ප්‍රාසාංගික අන්දමිනි. සමහර අපරාධ නාට්‍යක් තුල ජවනිකාවක් ලෙස දිස් වේ. මේ සියල්ල මාධ්‍ය තුලින් අපූර්ව ලෙස එක්තැන් කරගනු ලබන්නේ, ජනතාවට ඒ අපූර්වත්වය නිර්මාණශීලී ලෙස ඉදිරිපත් කරමින් ජන මනස ඒවා නැරඹීමට පෙළඹවීම් ගැන්වීමයි.
අපරාධකාරයින් අපරාධ කරනවා සේම මාධ්‍යද අපරාධ සිදු කරයි. මිනී මරයි. පිහියෙන් අනී. අද රාත්‍රීයේ විකාශනය වන පුවත් විමසුමක මෙවැනි පුවත් අනිවාර්යය වේ. මන්ද ඒ සියලු නිර්මාණශීලීත්වයන් ජනප්‍රියත්වය මුහු කරගත් ඒවා වීමය. අද වන විට මිනීමැරුමක් සිදුවුවද එය අපූර්ව අන්දමින් මාධ්‍යගත කරයි. එය සිදු වූයේ කෙසේද යන්න ග්‍රැෆික් ස්වරූපයෙන් පවා ඉදිරිපත් කරයි. ඒ සියල්ල ජනගත කිරීම තුල එවැනි දේ සිදු නොකල යුතු දේ ලෙස දකින සහ ඒ ඉදිරිපත් කිරීම් තුලින් එවැනි ක්‍රියා නැවත කිරීමට පෙළඹෙන පිරිස්ද සිටිති.
අපරාධ ප්‍රවෘත්ති වාර්තාකරණය ඉක්මවා ගොස් නිර්මාණශීලී රසවත් ප්‍රවෘත්තියක් බවට අපූර්වකරණය වී තිබේ. සේයාගේ ඝාතනය සිදුවූ අවස්ථාවේදී මාධ්‍ය ක්‍රියාත්මක වූ ආකාරය යහපත් නොවේ. මාධ්‍ය තුල ප්‍රාසාංගික ලෙස එම තොරතුරු ව්‍යාප්ත වූ ආකාරය මෙන්ම දූෂණය හා සම්බන්ධ රූපරාමු නිරුවත් ආකාරයෙන් මාධ්‍ය තුල පල වීම අශිෂ්ටය. හිරු වැනි නාලිකා තුල රූපවාහිනී සටහන් තුල අශිෂ්ට ලෙස ජායාරූප භාවිතා විය. ලක්ජන හඩ නම් වූ වෙබ් අඩවියක් තුල දැරියගේ නිරුවත් රූප අශිෂ්ට ලෙස පල විය. මෙවැනි කාරණා තුල මාධ්‍ය සදාචාරය සාරධර්ම ආරක්ෂා වනවාද යන්න පිලිබඳ සියලු දෙනා සැලකිලිමත් විය යුතුය. මෙවැනි දූෂණයක් සිදුවූ අවස්ථාවකදී ඉන්දියාව තුල ක්‍රියාකාරීත්වය මෙසේ නොවේ. 2012 වසරේදී ඉන්දියානු දිල්ලි නගරයේ දැරියක් අපචාරයට ලක්වීම තුල වාර්තාකරණය වඩා යහපත් විය. එම දැරියගේ රූප සේයාගේ රූප මෙන් මාධ්‍ය තුල ප්‍රමුඛත්වයට පත් නොවීය. එවන් වූ ක්‍රියාකාරීත්වයක් එම මාධ්‍ය සතු විය.
එසේම සේයා දූෂණයට ලක්වූ විට, එම සිදුවීමට අදාලව මාධ්‍ය විසින් කිහිප දෙනෙකූ වරදකරුවන් කල බවද නොරහසකි. ඒ අතරින් සේයාගේ නිවෙස් අසල පාසල් යන තරුණයෙකු තම ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය ජායාරූප තිබී හසු විය. එම තරුණයා මෙම වරදට හසු කරන්නට මාධ්‍ය දැරූ උත්සාහය අපූර්ව වේ. ඔහුගේ නම් හා විස්තර ප්‍රසිද්ධ කර රූප පවා පෙන්වූ නමුත් ඔහු එහි වරදකරුවා නොවීය. සේයා දූෂණය සදහා කොණ්ඩයා නම් පුද්ගලයා හසුවූ අතර ඔහුද මීට වරදකරුවා කරන්නට උත්සාහ දැරූ මුත් ඊට සැකකරු ඔහු වූයේ නැත. මේ ආකාරයට මාධ්‍ය අපූර්ව නිර්මාණාත්මක ප්‍රාසාංගික අත්දැකීමක් රග දක්වන්නේ තම මාධ්‍ය අනිත් මාධ්‍ය අතරින් ඉහලට ගෙන ඒමටය. නමුත් මාධ්‍ය සදාචාර හා ආචාරධර්ම තුල කොන්දේසි කඩ කිරීම නොව මාධ්‍ය සිව්වන ආණ්ඩුව වශයෙන් ජනතාවගේ යහපත උදෙසා ක්‍රියා කිරීම වැදගත් වන අතර එය සමාජ අපේක්ෂාවද වේ.

U.W.S.UDAMAHIMA
SC/MM/2015/2016/83

Comments

Popular posts from this blog

තාරුණ්‍යය හා ජංගම දුරකථන

නව මාධ්‍ය යනු කුමක්ද ?

සන්නිවේදන යනු කුමක්ද ???