ප්‍රාදේශීය වාර්තාකරුවන්
තාක්ෂණය කෙතරම් දියුණු උවත් ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුල වාර්තාකරුවන්ට හිමි තැන මේ වන තුරු කිසිවෙකුත් අබියෝග කිරීමට හැකියාවක් ලැබී නැත . එහිදී ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රධාන වේ.
නමුත් වර්තමානය වන විට බොහෝ ප්‍රාදේශීය වාර්තාකරුවන් මුහුණ දෙන ගැටලු බොහෝ පවතී. ඒවා සමාජයේ වගකිවයුතු නිළධාරින්ගේ අවදානයට ලක්නොවීම අතිශය කණගාටුවට කරුණකී.
එහිදී,
* ඔවුන්ට පිලිගත් නිසි වැටුප් ක්‍රමයක් නොමැති වීම
* ගමන් ගාස්තු ,දුරකථන ගාස්තු, ආදී පහසුකම් නොමැති වීම
* මාධ්‍ය ආයතන නිසි පුහුණුවක් ලබා නොදීම
ආදී කරුණුවලට අමතරව ප්‍රාදේශීය වාර්තාකරුවන්ට බොහෝ ගැටලු පවතී. එම නිසා ඉහත ගැටලු ඇතුලු අනෙකුත් ගැටලු පිළිබඳව අවදානය යොමු කර ඔවුන්ට සහන සැලසීම මගින් ඔවුන් දිරිමත් වේ. එලෙස ඔවුන් දිරිමත් කිරීම මාධ්‍ය ආයතනවල මෙන්ම රජයේද වගකීමකී.
ඒ අනුව ප්‍රාදේශීය වාර්තාකරුවන් දිරිමත් කිරීම වෙනුවෙන් පහත පියවරයන් අනුගමනය කළ හැකිය. එහිදී ,
* ඔවුන් රැගෙන එන පුවත්වලට ගෙවන මුදල වැඩි කිරීම
* විශ්‍රාම වැටුපක් ලබාදීම
* දේශපාලන බලපෑම්වලින් නිදහස් කිරීම
* මාසිකව ස්ථීර දීමනාවක් ලබාදීම
* දුරබැහැර යනවිට ගමන් ගාස්තු හෝ ඒ සදහා පහසුකම් සලසා දීම
* දුරකථන පහසුකම් හෝ ඒ සදහා කිසියම් සනහදායි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.
මෙලෙස වෙනස්කම් සිදු කිරීම තුලින් ප්‍රාදේශීය වාර්තාකරුවන් සේවය කරන, මාධ්‍ය ආයතනයට ඉතා උනන්දුවෙන් තම සේවය ලබා දීමට ඔවුන් නිතැතින්ම පෙළඹේ. ඒතුලින් ලංකාවේ ප්‍රාදේශීය වාර්තාකරණය තව තවත් දියුණු තත්වයට පත්වීමට අවශ්‍ය අඩිතාලම සැකසේ .
W.A.A.Ishani Wanasinghe
SC/MM/2015/2016/81
අපූරුයි
ReplyDeleteවැදගත් තොරතුරු ටිකක්
ReplyDeleteGood work
ReplyDelete👌👌👌
ReplyDeleteGood work👍👍
ReplyDelete