Posts

Showing posts from 2018

අපරාධයේ ප්‍රාසාංගික බව මාධ්‍යයෙන්

Image
මාධ්‍ය සිව්වන ආණ්ඩුව වශයෙන් සැලකේ. මිනිසා ජීවත් වන සමාජය තුල සිදුවන වැදගත් තොරතුරු ආදිය බෙදා හැරීම මාධ්‍ය තුලින් සිදුවේ. රටක් පාලනය කරන පාලකයා මෙන්ම මාධ්‍ය තුලින්ද ජනතාවගේ ශික්ෂණය පාලනයට යම් වැඩපිලිවෙලක් සකස් විය යුතුමය. අද වන විට තම එදිනෙදා ක්‍රියාකාරීත්වය මාධ්‍යට අනුව හසුරුවාගෙන සිටින සමාජයක් තුල සිටින ජනතාවට මාධ්‍ය තුලින් යහපත මිස අයහපත මුසු වීම යුතු නැත. ලංකාව තුල මාධ්‍ය අතර සුවිශේෂී ලෙස අපරාධ වාර්තාකරණයෙහි යෙදෙන මාධ්‍යක් ලෙස රූපවාහිනිය හඳුන්වා දිය හැකිය. අද වන විට එය ඉදිරිපත් වන්නේ ප්‍රාසාංගික අන්දමිනි. සමහර අපරාධ නාට්‍යක් තුල ජවනිකාවක් ලෙස දිස් වේ. මේ සියල්ල මාධ්‍ය තුලින් අපූර්ව ලෙස එක්තැන් කරගනු ලබන්නේ, ජනතාවට ඒ අපූර්වත්වය නිර්මාණශීලී ලෙස ඉදිරිපත් කරමින් ජන මනස ඒවා නැරඹීමට පෙළඹවීම් ගැන්වීමයි. අපරාධකාරයින් අපරාධ කරනවා සේම මාධ්‍යද අපරාධ සිදු කරයි. මිනී මරයි. පිහියෙන් අනී. අද රාත්‍රීයේ විකාශනය වන පුවත් විමසුමක මෙවැනි පුවත් අනිවාර්යය වේ. මන්ද ඒ සියලු නිර්මාණශීලීත්වයන් ජනප්‍රියත්වය මුහු කරගත් ඒවා වීමය. අද වන විට මිනීමැරුමක් සිදුවුවද එය අපූර්ව අන්දමින් මාධ්‍යගත කරයි. එය සිදු ව

සමබර පුවත්

Image
උදේ දිවා රැය ඕනෙම වරුවක පැයෙන් පැය වේවා...... විගසින් අප වෙත ඒවි ගලා.......... ගුවන් විදුලි රූපවාහිනී පුවත්පත් ඕනෙම ලෙසකින් විගසින් අප වෙත ඒවි ගලා.... පක්ෂපාතීකම් හිමිකාරීකම් බලලෝබිකම්....නොමවේ නම්...... ලැබේවි සැමදා සමබර තතුවිත්‍ති පුවත් තුලින් ...... සංවර්ධන අරමුන වෙත යෑමට සමබර පුවතක්....පිටුබල වේවි....මනා....... K.M.K.G.T.S.Hennayake Sc/Mm/2015/2016/26

මළපොතේ අකුරේ පණිවිඩය

Image
අපේ ආදී මුතුන් මිත්තෝ සරල ආකාරයට  සිදු කරපු සන්නිවේදන ක්‍රම අතර මේ  මළපොතේ අකුරේ සන්නිවේදන ක්‍රමයත් ප්‍රචලිතයි. දැන් ඔයත් මළ පොතේ අකුරේ සන්නිවේදනය දන්නවා. ඒත් මළපොතේ අකුර දන්නැති ඔයාගේ යාලුවෝ ඕනී තරම් ඇති. ඉතින් එයාලටත් මේ පණිවිඩය දෙන්න.. W.A.A. ishani Wanasinghe SC/MM/2015/2016

මාධ්‍ය සංහතිකය

අතීතයේ සිට පැමිණි "මාධ්‍ය" පියවර පැන Masses ලා හට සංහතික තොරතුරු සම්ප්‍රේෂණයද... මතවාදී, දැනුම් ලබා දීම්, අධ්‍යාපනික, සන්නිවේදනාත්මක ස්වරූප.. ගුවන්විදුලි, රූපවාහිනී, පුවත්පත්, සිනමා ආදී මාධ්‍ය තුලින්.. තොරතුරු ලබා දෙමින්.. "තොරතුරු සමාජයක්" නිර්මාණයද අපූර්ව වේ... udamahima Sc/MM/2015/2016/83

මාධ්‍ය නිරුවත

Image
මීතොටමුල්ලේ කුණු කන්ද නාය ගියදා නුඹ ඇහුවද මීතොටමුල්ලෙද කියලා.. මොණරාගල කෙල්ලෙක් ඊයේ පෙරේදා මැරුණා නුඹ ඇහුවද මොණරාගලද කියලා.. ඒත් අද මාතර කොල්ලෙක් පිහියෙන් ඇනලා මැරුවම කියන්නේ.. මාතර මිනිස්සු දකුනේ මිනිස්සු හොඳ එවුන් නෙමෙයි කියලා.. අද මාතර ගැන සර්ච් කරද්දී පේන තොරතුරු මොනවද.. ඇත්තටම මේ රටට පිස්සුද.. ලෝකයක් බලා සිටීවී මේවා ගැන.. (Media cartoon ) U.W.S.Udamahima SC/MM/2015/2016/83

ප්‍රාදේශීය වාර්තාකරුවන්

Image
                      තාක්ෂණය කෙතරම් දියුණු උවත් ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුල වාර්තාකරුවන්ට හිමි තැන මේ වන තුරු කිසිවෙකුත් අබියෝග කිරීමට හැකියාවක් ලැබී නැත . එහිදී ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රධාන වේ.         නමුත් වර්තමානය වන විට බොහෝ ප්‍රාදේශීය වාර්තාකරුවන් මුහුණ දෙන ගැටලු බොහෝ පවතී. ඒවා සමාජයේ වගකිවයුතු නිළධාරින්ගේ  අවදානයට ලක්නොවීම අතිශය කණගාටුවට කරුණකී. එහිදී, * ඔවුන්ට පිලිගත් නිසි වැටුප් ක්‍රමයක් නොමැති වීම * ගමන් ගාස්තු ,දුරකථන ගාස්තු, ආදී පහසුකම් නොමැති වීම * මාධ්‍ය ආයතන නිසි පුහුණුවක් ලබා නොදීම        ආදී කරුණුවලට අමතරව ප්‍රාදේශීය වාර්තාකරුවන්ට බොහෝ ගැටලු පවතී. එම නිසා ඉහත ගැටලු ඇතුලු අනෙකුත් ගැටලු පිළිබඳව අවදානය යොමු කර ඔවුන්ට සහන සැලසීම මගින් ඔවුන් දිරිමත් වේ. එලෙස ඔවුන් දිරිමත් කිරීම මාධ්‍ය ආයතනවල මෙන්ම රජයේද වගකීමකී. ඒ අනුව ප්‍රාදේශීය වාර්තාකරුවන් දිරිමත් කිරීම වෙනුවෙන් පහත පියවරයන් අනුගමනය කළ හැකිය. එහිදී , * ඔවුන් රැගෙන එන පුවත්වලට ගෙවන මුදල වැඩි කිරීම *  විශ්‍රාම වැටුපක් ලබාදීම * දේශපාලන බලපෑම්වලින් නිදහස් කිරීම * මාසිකව ස්ථීර දීමනාවක් ලබාදීම * දුරබැ

Pop culture කල වෙනස

Image
සින්දු ගීත වන්නම් නම් ඇති තරම්.. ලොව වටේම දුවන Super star dream star අද ලංකාවෙත් ඕන තරම්.. ගෝලීයකරණයේ අභිසෙස් මැද වැඩහිදිනා Pop cuture ඔයා තරම්... අපිව වෙනස් කල ජගතෙක් මේ ලොව නැති තරම්.. U.W.S Udamahima SC/ SS /2015 /2016/83

සමාජ මාධ්‍ය ජීවිතට දුන් පාඩම

Image
සම්මානනීය කෙටි චිත්‍රපටියක් වු " # social " මෙම චිත්‍රපටය තුලින් අවදාරනය කරන  කරුන පිළිබඳ ඔබට සමහර විට මේ වන විටත් අත්දැකීම් තිබෙන්නට පුලුවනි. එනම් මාධ්‍ය ජීවිතය කරගත් මිනිස්සු අප වටේම ජීවත් වන බැවිනි. මෙලෙස මාධ්‍ය ජීවිතය කරගත් මිනිස්සුගේ අවාසනාවන්ත ඉරණම යලි යලිත් සිහිකල යුතු කාලය එළෙඹ ඇති බව අපිට මාධ්‍ය මගින්ම ඇසෙන ,දකින දේවල් සාක්ෂි දරනු ඇත. මෙම කෙටි චිත්‍රපටය වර්තමාන සමාජයටම වැදගත් ඔවදනක් ලබා දෙයි .එනම් මාධ්‍යයේ කලාව වෙනස් වීම උවත්, එලෙස මාධ්‍ය අනුව වෙනස්වීම අපගේ කලාව නොකරගත යුතු බවයි . W.A.A.Ishani Wanasinghe SC/MM/2015/ 2016/ 81

සමාජ මාධ්‍ය රකුසා

Image
සමාජ මාධ්‍ය කියන්නේ විටක මිතුරෙක් උවත් තවත් විටෙක මිතුරු ලෙසින් එන සතුරෙක් විය හැකිය . එම නිසා එය දැනගෙන ජීවත් විය යුතු කාලය පැමිණ ඇති බව සනාථ කෙරෙන බොහෝ කෙටි චිත්‍රපට අතර " My Gneration" නම් මේ චිත්‍රපටයද ප්‍රධාන වේ. ඒ අනුව මාධ්‍ය සැමවිටම යතාර්ථය නොවන බව සමාජ ගත කල යුතු කාලය පැමිණ ඇති බව සිතේ. W A.A. Ishani Wanasinghe SC /MM/ 2015 /2016/81

අන්තර්ජාලයේ තත්පර 60ක්

Image
                                                 අන්තර්ජාලය ඒ කියන්නේ අපි කවුරුත් දන්න විදිහට කිව්වොත් Internet දැන් මැජික්‌ එකක්‌ නෙමේ. ඇත්තටම මේ සඳහා ඔබ හුරුවුවහොත් එය නැතුව ඔබට ඉන්නට බැරි බව නම් විශ්වාසයෙන් කියන්න පුළුවන්. පරිගණකයෙන්, ජංගම දුරකථනයටත් පැමිණි මේ අන්තර්ජාල පහසුකම ලෝකයේ අති මහත් බහුතරයක්‌ විවිධ සේවා, අවශ්‍යතා වෙනුවෙන් භාවිත කරනවා.               විශේෂයෙන්ම facebook වැනි සමාජ වෙබ් අඩවි නිසා මේ ආකාරයෙන් අන්තර්ජාල භාවිතය දැන් දැන් ලෝකයේම අති සාමාන්‍ය දෙයක්‌ බවට පත්වී අවසන්. සාමාන්‍යයෙන් විනාඩියක්‌ ඇතුළත අන්තර්ජාලයේ වෙන සිදුවීම් ගැන ඔබ කැමැතිද වැඩි විස්‌තර දැන ගන්න. මේ විදෙස්‌ වාර්තාව තනිකරම පෙන්වා දෙන්නේ ඒ ගැන. විනාඩියක්‌... ටක්‌ ටක්‌ ගා යන මේ තත්පර 60 තුළ අන්තර්ජාලය තරම් කාර්ය බහුල වෙන තැනක්‌ නම් ඇත්තටම නැතුව ඇති.            එක විනාඩියක්‌ ඇතුළත ඉන්ස්‌ටර්ග්රෑම් (Instagram) වෙබ් අඩවිය හරහා පින්තූර 216,000 ක්‌ බෙදා හැරෙනවා, ඇමසන් (Amazon) කියන ගනුදෙනු වෙබ් අඩවිය විනාඩියකට ලබන විකිණුම් ආදායම අමෙරිකානු ඩොලර් 83,000 ක්‌. අපි කවුරුත් දන්න "ෆේස්‌බුක්‌' වෙබ්

මුහුනු පොතේ සක්මන් කරනා මාතර රැල්ල

Image
මාතර සිසුවෙකු  පිහි ඇනුමකින් මිය ගිය පුවත ආරංචි වු සැනින් එය මුහුණු පොතේද ප්‍රධාන මාතෘකාවක් විය. එම සිදුවීම මගේ ඇසින්...... උඹත් ආදරේ කරන්න ඇති... රැල්ලට.. උඹත් ආදරේ විදින්න ඇති රැල්ලට ... මලේ දැං මල්සරා ගිහිල්ලා වයසට.. උඹත් දැං වැලලිලා අඩි හයක් පොළව යට.. අරුත් දැං සමාජෙන් කොන්වෙලා හනිකට.. දැං ඉතිං නැති සෙනේ  පැතිරිලා හැමතැනම.. අපි ඉතිං කවි ලියයි වලකපපු උන් නමට.. M.P.Senevirathne SC/MM/ 2015/ 2016/ 70

ලෝකප්‍රකට මුල්ම පණිවිඩ

Image
                                 මුළු ලොව එකම ගම්මානයක්‌ බවට පත් කළේ සන්නිවේදනය බව කීවොත් ඔබ ඊට මඳක්‌ හෝ විරුද්ධ නොවනු ඇත. හූවෙන් ඇරඹුණා සේ සැලකෙන පණිවිඩයේ ගමන අද වන විට ජනප්‍රිය සන්නිවේදනයක්‌ (Popular Communication) දක්‌වා විශාල දිගු ගමනක්‌ පැමිණ ඇත. සන්නිවේදනය මිනිස්‌ සමාජයට ගෙන යන්නට තැපෑල තුළින් මහඟු සේවයක්‌ අදටත් සිදුවේ. අතීත තැපෑලේ වේගවත්ම පණිවිඩ මාධ්‍යය වී තිබුණේ විදුලි පණිවිඩ සේවාවයි. එවකට ස්‌ථාවර දුරකථන පරිභෝජනය සීමිත වූ බැවින් පුද්ගලයකුගේ මරණයක්‌ පිළිබඳව පවා දුර සිටින නෑදැ හිතවතුන්ට දැන්වූයේ "විදුලි පණිවිඩයක්‌" මගිනි. තැපැල් කාර්යාල අතර පැවැති දුරකථන සේවාවන් හවුල් කරගෙන ලිත කෙටි පණිවිඩයක්‌ ලෙස විදුලි පණිවිඩ සේවාව සම්පූර්ණ විය. එහෙත් අද සමාජයේ සෑම තරාතිරකම අයෙකු සතුව ජංගම දුරකථනයක්‌ ඇත. සමහරුන්ට ජංගම දුරකථන එකක්‌ වෙනුවට දෙකක්‌ම තිබේ. බොහෝ අය පණිවිඩ ලබා ගැනීම තවදුරටත් වර්ධනය කරනු පිණිස එක්‌ ජංගම දුරකථනයකට "සිම් කාඩ්පත්" දෙකක්‌ භාවිත කරති. සෘජු ඇමතුම් මෙන්ම SMS පණිවිඩ ක්‍රියාවලියද අද බෙහෙවින්ම ජනප්‍රියයි. ඊමේල්, ෆේස්‌බුක්‌, ගූගල්, යූ ටියුබ්, ට්‌විටර් ව

සංවාද මණ්ඩපය - 1

Image
" ඉතාම ඉක්මනින් මාධ්‍යයට නව කියවීමක් අවශ්‍යයි " ආචාර්ය ටියුඩර් වීරසිංහ  ■ සමාජ තත්ත්වයක් ලෙස මේ දිනවල සමාජයේ පවතින දෙයක් තමයි මිනීමැරුම්, මංකොල්ලකෑම් ඇතුළු ප්‍රචණ්ඩකාරී සිදුවීම් සාහසික ලෙස මාධ්‍ය මගින් වාර්තාකරණය. මේ තත්ත්වය ගැන ඔබේ අදහස මොකක්ද? ඕනෑම රටක, ඕනෑම ජන සමාජයක ගැටුම්කාරී තත්ත්ව සහ ගැටලු ඇති වෙන එක අතිශය සාමාන්‍ය සිදුවීමක්. ඒක ස්වාභාවික දෙයක්. සංවර්ධනය වෙමින් පවතින ගමනේදී ඒ වගේ තත්ත්වයන් ඇති විය හැකියි. සම්පූර්ණයෙන් ගැටුම්වලින් තොර ප්‍රචණ්ඩවලින් තොර සමාජයක් ගැන හිතන්න බැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ගැටුම්කාරී තත්ත්වයන් පැවතීම නෙමෙයි. ඒ තත්ත්වයන්ගේ විභවතා පවතිනවා. නමුත් ඒවා උත්කර්ෂයට නංවන විවිධ කොන්දේසි සමාජ බලවේගයන්හි පවතිනවා. දේශපාලනය, මාධ්‍ය යන සාධක සමාජයේ විවිධ පරස්පරතා මත මේ සිදුවීම් උත්කර්ෂයට නංවනවා. වර්තමාන සමාජය තුළ මාධ්‍ය කියන භූමිකාව පුද්ගල මෙන්ම සමාජීය ක්ෂේත්‍රවලටත් ඉතා තීරණාත්මක සාධකයක් වෙලා තියනවා. ඒ වගේම යම් යම් ක්ෂේත්‍රවල විභවතා මතු කරලා ඒ තුළින් ගැටුම්කාරී තත්ත්වයන්ට යන්න මාධ්‍ය ඉඩ සලස්වලා තියෙනවා කියලා පේනවා. මෑත කාලීනව සිදුවුණු සිදුවීම් රාශි

🌞 අලුත් ඉරක් - 7 කොටස

Image
"මොකක්ද ම්ගෙ දුවේ කියන්න.'' අම්මාගේ පපුවට තුරුල් වූ කුමුදු අඩමින් මවගේ දෙපා වැන්දාය.  අම්මේ,අක්කා දුන්න ෆෝන් එක තමා මේ සේරටම මුල.ඒ ෆෝන් එක අරගෙන ටික දවසකින් මම fb හදාගත්තා.හැමදාම පාඩම් කරන්නේ නැතුව රෑට රෑට fb ගියා.එකෙන් මට අලුත් යලුවෝ එකතු උනා.පිරිමි යාලුවොත් එකතු උනා.මම එයලගෙ විස්තර එහෙමත් ඇහුවා.හැමදාම ඉස්කෝලේ ගිහින් අවිත් අම්මට හොරෙන් ෆෝන් එක පාවිච්චි කලා.අන්තිමට මට fb එකෙන් ගැලවෙන්න බැරි උනා.පාඩම් කරන්න පොත අතට ගත්තත් මට මතක් වෙන්නේ fb. ඒකයි අම්මේ ගියපාර මට ඉස්කොලේ විභාගයට ලකුනු අඩු උනේ. අනිතිමට මට වැරදුන මම තේරුම්  ගත්තා.මට ෆෝන් එක ඉගෙන ගන්න නිසා බාධාවක් .ඒ වගේම මට fb වගේ දෙයක් හරියට පාවිච්චි කරන්න තේරෙන්නේ නෑ..... මට සමාවෙන්න අම්මේ ." අම්මා කදුලු පිරි දෙනෙතින් කුමුදුව බදා ගත්තාය. "මගේ දුව ඇත්ත කීවනේ.මේ පාර මය දූ විභාගයට ලකුණු අඩුත් නෑනේ. අලුත් ඉරක් ආයෙත් පායාවී අසලිය කුසුමක් ලෙසින් කුමුදුගේ ලෝකයට............ අලුත් ඉරක් අවසාන අවසානයි. සකු..

🌞 අලුත් ඉරක් - 6 කොටස

Image
      කුමුදු කාමරයට වී කිසියම් වැඩක නියුතු වී සිටියාය.හදිසියේ ම නිවසේ වූ දුරකතනය නාද විය. ඒ සමගම කුමුදු යම් කල්පනාවකට වැටුනාය.ඇයට හදිසියේ ම යමක් සිහි විය.ඒ ක්ෂණයෙන් ඇගේ නෙතින් කදුලු වැගිරෙන්නට විය.  ඇයට අතීතයේ සිදු වූ යමක් සිහි වන්නට විය. කිසිවක් නොදත් කුමුදුගේ අක්කා හදිසියේ ම කුමුදුගේ කාමරය වෙත පිවිසියාය.කුමුදු අක්කාට සිය මුහුන වසන් කරන්නට උත්සහ ගත්තද අක්කා කුමුදුගේ කදුලුවලින් තෙත් වූ මුහුණ දුටුවාය."ඇයි,මගෙ නංගී,මේ කදුලු පුරවන්.මොකක්ද ප්‍රශ්නේ ,අපිට කියන්න බරිද?,'' යැයි අක්කා විමසද්දී කුමුදු තවත් හඩන්නට වූවය.ඇගේ හැඩුම ඇසූ අම්මා ද කාමරය වෙත ඩුව ආවාය. "ඇයි මගේ දුවේ අඩන්නේ"මව කුමුදුගෙන් විමසුවාය."අම්මේ,මේ සේරටම මුල අක්කා. ඇය අසල වූ අක්කා තුස්නිම්භූත විය.කුමුදු කියන්නේ කුමක් දැයි ඇයට සිතා ගත නොහැකි විය.මොනවද නංගී මේ කියන්නේ.  කුමුදු තවත් හයියෙන් ඉකි බිදින්නට විය. අම්මේ,මට සමාවෙන්න.මෙච්චර දවසක් මම රහසක් හිතේ හිරකරන් හිටියා..... ආයෙත් අලුත් ඉරකින් හමුවෙමු.. සකූ...

නව මාධ්‍ය යනු කුමක්ද ?

Image
            විල්බර් ශ්‍රාම්ට අනුව නම් පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වන මනෝ වෘත්තියක් සන්නිවේදනය වේ. සන්නිවේදනය යන විෂය ක්ෂේත්‍රය ජනමාධ්‍ය යන්නටම පොදු වූවක් නොවේ. එය සමාජය තුල සෑම ස්ථානයක් පුරාම පැතිර යන්නකි.සන්නිවේදනය සඳහා මුද්‍රිත  , විද්‍යර්‍යුත්  නව මාධ්‍ය සොදාගත හැකිය. නමුත් මුද්‍රිත හා විද්‍යයුත් මාධ්‍යවලට සාපේක්ෂව සමාජය තුල වැඩි වශයෙන් වර්ධනය වන මාධ්‍යක් ලෙස නව මාධ්‍ය හදුන්වා දිය හැක. නව මාධ්‍ය ඉතා විශාල විෂය පථයක් හිමි කර ගත්තකි. ගෝලීයකරණයත් සමඟ එය ඉදිරියට පැමිණ තිබේ.නව මාධ්‍ය පැරණි මාධ්‍ය ඉක්මවා ගමන් කරන ප්‍රබල මාධ්‍යක් බවට පත්ව තිබේ.           නවීන ලෝකය තුල දුර පිළිබඳ පවතින සබඳතාව පවත්වා ගැනීම අතිශය සරල සිද්ධියක් වී ඇත. ගෝලීය පරිමාණයෙන් සන්නිවේදනයන් පවත්වා ගැනීම පහසු වී ඇත. එක් අන්තයක් තවත් අන්තයක් හා යා කරමින් ක්ෂණික ලෙස ඇති කරනු ලබන මෙම සබඳතාව අනෙකුත් මාධ්‍ය අභිබවා ගමන් කර තිබේ.එය නව මාධ්‍ය ලෙස වර්තමාන සමාජය හදුනා ගනී.අන්තර්ජාලය හා බද්ධ වී නව මාධ්‍ය ගොඩනැගී තිබේ.ඕනෑම ස්ථානයක් තුල ඕනෑම අවස්ථාවකදී ඩිජිටල් මෙවලමක් ඔස්සේ සම්බන්ධ වීමට හැකියාව පවතී. ලෝක සංවර්ධනය සදහා අද වන වි

ජනමාධ්‍ය විෂය යාවත්කාලීන කරමු

Image
                 ජනමාධ්‍ය විෂයේ සුවිශේෂත්වයක් වන්නේ නව දැනුම හා භාවිතයන් ඊට එකතු වීමයි. තාක්ෂණය විසින් අත්පත් කරගනු ලබන ජයග්‍රහණ ක්ෂණිකව ජනමාධ්‍යයන්ට අන්තර්ග්‍රහණය වීමක් දක්නට ලැබේ.මේ නිසා ජනමාධ්‍ය පාඨමාලා විෂය නිර්දේශය වාර්ෂිකව නැවත සලකා බලමින් නව දැනුම සමග බද්ධ කිරීම  අවශ්‍ය වේ.             ජනමාධ්‍ය උපාධි අපේක්ෂකයන්ට  ජනමාධ්‍ය විෂය ධාරාව හැරුනු විට ඉතිහාසය ,සාහිත්‍යය ,සමාජය,දේශපාලනය,ආර්ථික  හා ජාත්‍යන්තර කටයුතු  ආදී පුලුල් විෂය ධාරාවක් හැදෑරීමට ලැබේ නම් එය වඩා ඵලදායී වේ. එක් එක් විශ්වවිද්‍යාලයයන්වල ජනමාධ්‍ය අංශ එකිනෙකට වෙනස් හා තරගකාරී ලෙස ජනමාධ්‍ය පාඨමාලා හදුන්වා දීම කෙරෙහි අවධානය යොමු කල යුතු වේ.             ජනමාධ්‍ය විෂය හැදෑරීමට උසස් .පෙළ කලා විෂය  ධාරාව පමනක් නොව් ඕනෑම විෂය ධාරාවක් හදාරන සිසුන්ට අවස්තාව ලබා දිය යුතුය.             පොදුවේ ගත් කල ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය  ජනමාධ්‍ය පර්යේෂණ කෙරෙහි යොමු කර ඇති අවධානය අල්පය. වර්තමාන  සමාජය තුළ ජනමාධ්‍ය හිමිකරගෙන තිබෙන බලසම්පන්න භූමිකාව පිළිබඳ නව දැනුම නිෂ්පාදනය කිරීමටත් ඒවා සමාජගත කිරීමටත් ජනමාධ්‍ය අධ්‍යයන අංශ අශ්

ඇස් දෙක රැකගමු පරිගණකයෙන්

Image
              ඔයාගේ වටේට තියෙන හැමදේම ඔයා දකින්නේ කොහොමද කියලා ඔයා නිකමවත් හිතුවද ? නෑ නේද?  ඔයාගේ ඇස් දෙක, ඔයාට කොච්චර වාසනාවක්ද කියලාවත් ඔයා කවදාහරි හිතලා තියෙනවාද? ඒකත් නැ නේද? ඒත් ඔයා ඒ ඇස් දෙක නිසා ඉපදුන දා ඉදන් ,මේ වෙනකන්  කොච්චර තොරතුරු  රූපවාහිනියෙන්, පරිඝණකයෙන් , laptop එකෙන් , දුරකථනයෙන් බලලා තියෙනවාද කියලා ඔයාගේ  ඇස්වලට කතා කරන්න පුලුවන් උනොත් ඔයාට කියාවී?                 නව තාක්ෂණය එක්ක ගොඩක් ගණුදෙනු කරන ඔයාගේ ඇස් දෙක පරිස්සම් කරගන්න ඔයා  මොනවාද කරලා තියෙන්නේ?? ඒ ගැන හිතන්න ඕනී කාලය දැන් ඇවිත්...                අද  වෙද්දි laptop එකක්, computer එකක් පාවිච්චි නොකරන කෙනෙක් අපි අතර නැතිතරම් . මොකද ඉතින් අද තාක්ෂණය හරි දියුණුයිනේ .ඒ නිසා අද වෙද්දි බොහෝ තරුණ තරුණයෝ , තරුණියෝ ,කුඩා දරුවන් මෙන්ම සමහර වැඩිහිටි අයත් තාක්ෂණය එක්ක දවසේ බොහෝ වෙලාවක් ගණුදෙනු කරනවා. ඉතින් මෙහෙම දීර්ඝකාලීනව පරිඝණක මෙන්ම laptop එක්ක ගණුදෙනු කරද්දි  ඔයාගේ ඇස් ගොඩක් වෙහෙසට පත් වෙනවා. එහෙම කාලයක් ගියාම ඔයාගේ ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවෙන්න පුලුවන්.             ඉතින් අද මං ඔයාට ගෙනාපු වීඩියෝ ඔයා

මුහුණු පොතේ සවාරියක්

Image
තරුණ පරපූරේ ජීවන වායුව........... ආදර පෙම් බස් අනුන්ගෙ වගතුග... අපේ උන්ගේ පුරසාරම් දෙඩිල්ල.... ඉහල සිට පහලටත් පහලට සිට ඉහලටත්... ගලා යයි මේ අලුත් පොතේ.... සිංහල භාෂාව කමක් නෑ..... ඒ උගැන්මෙන් පලක් නෑ....... අපි ඉගෙන ගනිමු සින්ග්ලිෂ් ....... මුහුණු පොතේන් ....අලුත්ම භාෂාවක්.... කෙල්ලෝ නම් විච්චූර්න වී......... කොල්ලො රෑන වෛවර්න වෙලා...... සිංහලකම හෙම යාවි පලා.... කාලයේ අරුමයකී. මුහුණු පොත කියන්නේ..... අද දවසට ඇතුවත් බැරි..... නැතුවත් බැරි...... අරුම පුදුම මායාවකි......... මුහුණු පොත.... K. M. K.G.T.S. Hennayake SC/ MM/ 2015 / 2016/ 26

🌞 අලුත් ඉරක් - 5 කොටස

Image
"ජාතික රණ දෙරණ මතේ ගැටී වැටී මළ මොහොතේ සුන්දර සුරභුන්ගෙ අතේ නැලවෙනු බව සිතනු පුතේ......" කුමුදු හඩ නගා කියන්නට වූවාය . "අනේ,මගේ කෙල්ලට රතනත්තරේ පිහිටයි". කුමුදුගේ මව කියන්නට වූයේ නෙතගින් වටෙන කදුලු පිස දමමිනි. "ඇයි අම්මේ අඩන්නේ".මව වෙත පැමිනි කුමුදුගේ අව්‍යාජ නෙතින් ද කදුලු වැගිරෙන්නට විය. "මගේ කෙල්ල ඉස්සර වගේම අයෙත් පාඩම් කරනවා .මට ලොකු සතුටක් ඒක".මව මෙසේ ප්‍රකශ කලේ කුමුදු බදාගනිමිනි. කුමුදු අඩන්නට වූවාය. දුප්පත් දෙමාපියන් විදින් දුක දැක කුමුදු සිය අධ්‍යාපන කටයුතු සදහා සිත යොමු කලාය .දියණියකගේ සැබෑ වගකීම එයයි. කුමුදු පාසල ඇරී නිවසට දුව අවේ මිටින් හල කිරිල්ලියක මෙනි. නිවසේ කඩුල්ල අසලින්"අම්මා "කියා කෑ ගැසූ කුමුදු මව වෙත දිව ගොස් ඇය බදා ගත්තාය. "අම්මේ,මේ පාර මම අයෙත් පන්තියේ පලවෙනියා වෙලා." ආයෙත් අලුත් ඉරකින් හමුවෙමු .. සකූ...

🌞 අලුත් ඉරක් - 4 කොටස

Image
       "අක්කේ,මම තවම ඉගෙන ගන්නවානේ, ඒහින්දා මට phone එක දැන් එපා.ඔයා තරහා වෙන්න එපා.ඕක ඔයා පාවිච්චි කරන්න.මම උසස් පෙල ඉවර උනාම අලුත් එකක් අරන් දෙන්න" කියමින් කුමුදු ජංගම දුරකතනය අක්කාට භාර කලාය . තවමත් කිරිල්ලියක් වන් නිදහස් සිතුවිලි ඇති කුමුදු සිය සිතැඟි ජංගම දුරකතනයේ සිර කිරීමට අකමැති වූවාය .අක්කා නැවත ජංගම දුරකතනය අතට ගත්තේ කුමුදු කී දෙයෙහි සැබෑ ‍යථාර්තය පසක් කර ගත් බැවිනි.    සවස් වූයෙන්  කුමුදු මහත් නිදහසකින් සිංහල පොතේ කවි පාඩම් කරන්නට වූවාය .දැන් ඇගේ සිතට මහත් සැනසුමක් දැනේ. මෙතුවක් දවස් තමා පාලනය කල ජංගම දුරකතනය දැන් ඇය ලග නොමැත.කුමුදු වෙනදාටත් වැඩා රාත්‍රී දොලහ පමණ වන තුරු  එදා පාඩම් කලේ මහත් සතුටිනි.  වෙනදා මෙන් නොවේ පසුවදා කුමුදු පසල වෙත ගියේද ඉගෙන ගැනීමේ අශාවෙනි.සිංහල ගුරුතුමිය ඇසූ සාහිත්‍යය ප්‍රශ්නවලට අනිත් සිසුන්ට වඩා නිවැරැදි පිලිතුරු ලබා දුන් කුමුදු සිංහල ගුරුතුමියගේ ඇගයීමට ලක්වුවාය. කුමුදු පාසල් ඇරී වෙනදා මෙන් නොව කරත්ත පාර දිගේ යලුවන් සමග මහත් වූ සතුටින් ගමන් කලාය . ආයෙත් අලුත් ඉරකින් හමුවෙමු.. සකූ...

මුහුණු පොතේ රැවටීම

Image
පුවත්පත් ගුවන්විදුලි රූපවාහිනී යන මාධ්‍ය මැද.. අද වන විට නව මාධ්‍ය ලෙස.. සැරිසරන " FB " ලෝකයේ  දහසක් තොරතුරු මැද අපූරුවට ලොව රවටන හැටී.. U.W.S.Udamahima SC/MM/2015/2016/83

🌞 අලුත් ඉරක් - 3 කොටස

Image
කුමුදු චිත්‍ර ඇදීමට විශාල කැමත්තක් දක්වයි. කඩුල්ල විවෘත කර නිවසට පැමිනි කුමුදු මව සමග කතාවට වැටුනාය .කතාව කෙසේ හෝ කෙලවර වූයේ අම්මා "දුවේ, හොදට ඉගෙන ගනින්,අපි දුක් විදින හැටි දන්නවනේ කියමිනි.මේ සමගම නෙත් කදුලු පුරවා ගත් කුමුදු කාමරය වෙත දිව ගියාය.චිත්‍ර පොත ගෙන චිත්‍රයක් අදින්නට වූවාය. ඇය චිත්‍ර පොතේ පිටුවක කුඩා ළමයෙකු මෙන් ජංගම දුරකතනයක් ඇද ඒ දෙස බලමින් කදුලු සලන්නට විය.      "නංගී,නංගී ,මෙහෙට එන්නකො",ඒ කුමුදුගේ අක්කාය.කදුලු පිස දමූ කුමුදු ආලින්දය වෙත දිව ගියාය. "නංගී මගේ මම ඔයාට උපන්දිනේට අරගෙන දුන්න තෑග්ග හොඳයි  ද?"හොඳයි අක්කේ, කියමින් පිලිතුරු දුන් කුමුදු අක්කා සමග කතා බහක් නොමැතිව නැවතත් කාමරය වෙත ගොස් පාඩම් කරන්නට වූවය. නමුත් ඇගේ සිතෙහි යමක් සිර වී ඇත.ඇය අල්මාරිය ඇර අක්කා උපන් දිනයට දුන් මාස පහක් පමණ ගත වී ඇති ජංගම දුරකතනය ගෙන එහි වූ සිම්පත ඉවත් කොට නැවත අක්කා අතට දුන්නාය. ආයෙත් අලුත් ඉරකින් අපි හමුවෙමු. සකූ....

නව මාධ්‍ය සංස්කෘතිය

                       වත්මන් සමාජ ප්‍රගමනයේ ප්‍රතිඵලයක් ලෙස අපට දායාද වූ අංගයක් ලෙස නව මාධ්‍ය පෙන්වා දිය හැක. නව මාධ්‍යය අධ්‍යතනයේ සමාජයට අත්‍යවශ්‍ය තොරතුරු සන්නිවේදන මෙවලමක් බවට පත් වී ඇත. තරගකාරී සමාජයේ සන්නිවේදන අවශ්‍යතාව පහසු කරන්නේ නව මාධ්‍යයි.ඒ අනුව සමාජ මාධ්‍යයයෙන් තොරව අද මිනිසාට සිතන්නටවත් ඉඩක් වර්තමානයේ නොමැත. සංකීර්ණ මිනිස් සබදතා සරල කරන්නේ මුහුණු පොත වැනි මාධ්‍ය තුළින්ය. ඒ තුළ මිනිසාට නව ජීවන රටාවක් නව මාධ්‍ය කියා දෙනු ලැබේ.නව මාධ්‍ය භාවිතාවත් සමග මිනිස් සිතුම් පැතුම් හී වෙනසක් ඇති වේ. හුදෙක් එය සමාජ ප්‍රගමනයට සිදුවේ නම් අගය කල හැක. මිනිස් සබදතා සමීප කලත් තොරතුරුවලින් මිනිසා පරිපූර්ණත්වයට පත් කලද මේ අපූරු මාධ්‍ය  අපේ සමාජ සංස්කෘතිය කෙරෙහි අනිසි ලෙස බලපෑම එල්ල කිරීම අගය කල යුතු කාරණාවක් නොවේ.              අද මිනිසා හුදෙකලා ජීවියෙකු බවට පත්ව ඇත  පවුල් සබඳතා බිදී ගොසිනි. මිනිසා දුරකතනයට පමනක් සීමා වීම නිසා මානුෂවාදී හැගීම් ගිලිහී ඇත. අන්තර්ජාලයේ නව ප්‍රවනතා මිනිසා ක්‍රියාත්මක කිරීමට පෙලඹේ. මිනිස් සිතුවිලි නව මාධ්‍යය අනුව හැඩ ගැසේ.ඒ තුල මිනිසා නව මාධ්‍ය තුළ වන නවීකරණය වන සං

දන්න facebook ගැන නොදන්න කතා

Image
Facebook නැත්නම් මුහුණු පොත ගැන අද කාලේ දන්නැති කෙනෙක් නැති තරම්. උදේ ඇහැරුන වෙලාවේ ඉදන්, අපි නින්දට යනතුරුම  facebook  අපේ ලගින්ම ඉන්නවා.. ඒ තරමට අපිට දැන් මුහුණු පොත ඉතාම සමීපයි .අපේ දුක ,සතුට ආදී සියලු හැගීම්  බේදාගන්න මුහුණු පොත ගැන, අපි කොච්චර විස්තර දන්නාවාද????  බලන්න මේ තොරතුරුවලින් කීයක් ඔයා කලින් දැනගෙන හිටියාද කියලා.. 1-    facebook සමාගමේ ප්‍රධාන නිර්මාතෘවරයා මෙන්ම වර්තමානයේ හිමිකරුවා කවුද ? * මාර්ක් සකර්බග් ( mark zuckerbeg ) 2 - facebook ලෙසින් වර්තමානයේ හදුන්වන වැඩසටහන  අතීතයේදී හැදින්වූ නම කුමක්ද ? * facemash  3 - facemash ලෙසින්  හැදින්වූ එම වැඩසටහන  ආරම්භයට දායකත්වය දැක්වූ සකර්බගගේ මිතුරන් කවුද ?  ඔවුන් එසේ එවැන්නක් ආරම්භය කල හේතුව කුමක්ද?  * සකර්බග් facemash නම් වැඩසටහන ආරම්භ කරන ලද්දේ , ඔහු ඉගෙනුම් කටයුතු සිදු කල හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මිතුරන් පිරිසක් සමගය. එම මිතුරන් වන්නේ eduarado saverin, dustin mokvitz, chris hughes යන අයයි . * මෙලෙස ඔවුන්  facemash ලෙසින් ආරම්භ කරල් ලද්දේ ඔවුන්ගේ විශ්වවිද්‍යාලයේ මිතුරන් අතර තොරතුරු හුවමාරූ කිරී

🌞 අලුත් ඉරක් -2 කොටස

Image
රෑ බෝ වූයෙන් කුමුදු නිදා ගත්තද ඇය විෂයයන්වලට ලකුණු අඩු වීම ගැන කල්පනා කලාය. ඉර එලිය වටෙද්දිම ඇය මල්ලි සමග පාසල් යාමට සූදානම් වූවාය .ඇයට තව වැඩිමහල් සහෝදරියක වන අතර පාසල් ගමන අතහැර දමූ ඇය ඇගලුම් ශාලාවක සේවය කරන්නීය. එම නිසා දුප්පත් දෙමාපියන්ගේ එකම බලාපොරොත්තුව වූයේ කුමුදුගේ උසස්  අධ්‍යාපනයයි.නමුත් කුමුදුගේ මෙවර විභාග ලකුණු පිලිබඳ දෙමාපියෝ අසතුටට පත් වූහ. "මේ පාර අමිල පන්තියේ පලවෙනියා .හරිම පණ්ඩිතයි."නිමාලී එලෙස පැවසූවේ කුමුදු දෙස දුක්මුසු බැල්මක් හෙලමිනි. පාසල අවසන් සීනුව නාද වීමත් සමග ළමෝ නිවෙස් කරා පිය නැගීමට සූදනම් වූහ.නිමාලි හා කුමුදු කරත්ත පාර දිගේ නිවෙස් කරා පිය නැගූහ.කුමුදුගේ සිත තවමත් දුකින් පිරී ඇත. අදට මතු සම්බන්ධයි. අපි අලුත් ඉරකින් ආයේ හමුවෙමු. සකූ..

🌞 අලුත් ඉරක් - 1 කොටස

Image
               "කුමුදු, දුවේ ඔයා මේ පාර පන්තියේ පහලොස් වෙනියා. ඇයි මගේ දුවේ ඔයාට කැම්පස් යන්න ඕනි නැද්ද? අප්පච්චි කොච්චර දුක් විදිනවද කුලී වැඩ කරලා. "අම්මාගේ මුවින් පිට වූ වචනවලට කුමුදු තිගැස්සුනි.ඇය කිසිවක් මව සමග නොකීවාය. කඩුල්ල අසලින් වූ ගං ඉවුර වෙත ගිය කුමුදු හඩන්නට පටන් ගත්තාය .ඇගේ දුක දෙස බලා සිටින්නාක් මෙන් හමා ආ සුළග ඇගේ මුව සිප ගත්තේය. ඇය නිසොල්මන්ව ගග දෙස බලමින් හඩන්නට විය. "කුමුදු මොකෝ බන් මේ අඩන්නේ. පාරට ඇහෙනවා ." ඇය වෙත පැමිණි  නිමාලි විමසුවාය. කිසිවක් කර කියා ගත නොහැකි වූ කුමුදු කදුලු බිදු පිස දැම්මා ය." ඇයි කුමූ මේ?මේ පාර පන්තියේ කීවෙනිය ද ,අහල අම්මා මොනවා හරි කීවද? හැම පාරම ඔයා පන්තියේ පලවෙනියා. ඇයි කුමුදු ඔයා මේ පාර ලකුණු අඩු විභාගයට."මේ ඇසූ කුමුදු නැවත්ත අඩන්නට විය .ඇගේ දුක නැවත විමසන්නට නිමාලි අදහස් නොකලාය." අම්මට කියන්න බැරි දෙයක් තියෙයි නම් මට කියන්න.මම ඔයාගේ හොදම යාලුවානේ. දෙදෙනම කුමුදුගේ නිවස වෙතට ගියා.හවස් වූ බැවින් නිමාලි ද සිය නිවස වෙත ගියාය. තවමත් කුමුදුගේ සිත දුකින් පිරී ඇත. අදට මතු සම්බන්දයි. අලුත් ඉරකින් ආයේ අපි හ

🌞 අලුත් ඉරක්

Image
              මෙම කතා වෘතාන්තය කුමුදු නැමති උසස් පෙළ හදාරන යුවතියක හා සම්බන්ද වේ. ඉගෙනීමට ලැදියාවක් දක්වන ඇය ,ඒ කෙරෙහි වූ උනන්දුව අල්ප වී ඇත. එයට හේතු කාරණා සොයමින් මෙම නව කතාවේ දිග හැරුම සිදු වේ.  එමෙන්ම මේ නවකතාව මාධ්‍ය හා සම්බන්ධවී ඉදිරියට ගලා ගෙන යන නිසා මාධ්‍යට ඇලුම් කරන ඔබ මෙය කියවිය යුතුමය.. ඉතින් මෙහි ඒ රස මුසු තැන් දැන ගන්නට  "අලුත් ඉරක්" එක්ක දිගටම එකතු වන්න ඔබට ඇරයුම්..... 🌞      Sakuuu................. K .M. K. G. T. S. Hennayake SC/ MM/ 2015 / 2016/ 26

සමාජ මාධ්‍යයේ දෙපැත්ත

Image
                          අද වන විට සමාජ මාධ්‍ය අපි හැමෝගෙම ජීවිතයේ කොටසක් බවට පත් වෙලා. ඒ විදියට අපේ ජීවිතයේ කොටසක් උන සමාජ මාධ්‍ය අපේ ජීවතවලට හොද විදියට මෙන්ම නරක විදියටත් විවිධ  බලපෑම් ඇති කරනවා. ඒ ගැන ඔයා ඕනී තරම් ලිපි කියවලා ඇති. ඒත් ඒ ගැන සිංදු අහලා තියෙනවාද ? හ්ම්ම් සමහර අය නම් අහලා ඇති. ඒත් අහලා බලන්න මේ ලස්සන සිංදුව ඔයා   අහලා තියේනවාද කියලා ??? W.A.A. Ishani Wanasinghe SC /MM / 2015 /2016 /81

අපේ කාලයේ පවුල

Image
Tab එකේ recipe එකට අනුව උයන අම්මා එක් පසෙක... Tv එක ඇතුළෙ දේශපාලනය හොයන තාත්තා එක් පසෙක... Phone එක ඇතුළෙ ජීවිත හොයන දරුවන් තවත් පසෙක.... තැන් තැන්වල තම තමන්ගේ  ලෝකවලට බෙදී ගිය   .......   අපේ කාලයේ පවුල ......                G.D.B.Jayamalee Sc/MM/2015/2016/29

සුචරිතවත් සමාජයක් බිහි කිරීමෙහිලා මාධ්‍යයේ වගකීම

Image
                 සමාජය යනු පොදු මිනිස් එකතුවකි. සමාජය තුළ විවිධ විෂම පුද්ගල ගොනුවක් දක්නට ලැබේ. ඔවුන්ගේ විවිධ අදහස් සමාජයට යොමුවීම තුළින් සමාජයේ යහපත් අයහපත් බව තීරණය කිරීමට පුළුවන. 21 සියවස වන විට තාක්ෂණය ඉතා ශීඝ්‍රයෙන් සමාජගත වී ඇති අයුරු දක්නට ලැබේ.එහිදී සමාජයේ සියලු කාර්යයන් මෙම තාක්ෂණික ලෝකයත් සමඟ බද්ධ වෙමින් ක්‍රියාත්මක වීම සුලභ දසුනකි. මුල් කාලීනව නූතන මාධ්‍ය ජනයාට බලපෑමක් සිදු කළත් , වර්තමානය වන විට නව මාධ්‍ය සමාජයට බලපෑම් කළ හැකි බලවේගයක් බවට පත්ව ඇත. අතීතයේදී ජනයා තුළ පැවතියේ සීමිත අවශ්‍යතාවන් ය. ඔවුන් එම අවශ්‍යතා සපුරා ගෙන තම අවට තොරතුරු පමණක් දැන ගෙන ජීවිකාව ගෙන ගියත් වර්තමානය වන විට අසීමිත අවශ්‍යතාවන්‍ සපුරා ගන්නා ජනයාගේ තොරතුරු දැන ගැනීමේ පිපාසාව තීව්‍ර වී ඇත. එම නිසා කාර්ය බහුලත්වයෙන් යුත් ජනයා තම අවශ්‍යතාවන්‍ සපුරා ගැනීමට නව මාධ්‍ය හා ජන මාධ්‍ය පිටිවහලක් කර ගෙන ඇත.                  අතීතයේදී අලුත් අවුරුදු දැන ගත්තේ පන්සලෙන් වුවත් වර්තමානය වන විට එය මාධ්‍ය හරහා දැන ගනී.තමාට අවශ්‍ය ඇදුම් පැළඳුම්,කෑම බීම තීරණය කරන්නේද මාධ්‍යයි. එවැනි දැඩි බලපෑමක් මාධ්‍ය සමාජ

සන්නිවේදනයේ ගමන් මග

Image
     අතීතයේ ගල්ගුහාවල ච්ත්‍ර සිතුවම් කරමින් මිනිසා ආරම්භ කල සන්නිවේදනය අද වන විට නව සොයා ගැනීම් සමගින් විශාල දියුණුවක් අත්පත්කරගෙන තියෙනවා.  සන්නිවේදන විශයට ඇලුම් කරන සියලු දෙනාටම සන්නිවේදනයේ එම ගමන්මග දැන සිටීම ඉතා වැදගත් දෙයක් . ඒ නිසා වචන දහසකින් සන්නිවේදන ගැන කියන්න බැරි තොරතුරු ගොඩක් රූප මගින් ඉදිරිපත් කරන්න පුලුවන් පුංචි වීඩියෝ දර්ශනයක් මං  youtube  එකෙන්  හොයා  ගත්තා. බලන්න ඒක ඔයාගේ සන්නිවේදන දැනුම වැඩි කරගන්න කොච්චරද වැදගත් වෙනවද කියලා... W.A.A. Ishani  Wanasinghe SC/ MM / 2015/ 2016/ 81

සන්නිවේදන යනු කුමක්ද ???

Image
                 මිනිසා ලෝකය තුල ජීවත් වන්නට පටන් ගත්දා සිටම සන්නිවේදනයේ ආරම්භය සිදුවූ බව කියවේ. අතීතයේදී මිනිසාට භාෂාව භාවිතා කිරීමක් නොතිබුණද තමා දුටු දේ රඟපා පෙන්වීම මෙන්ම තම හස්තයේ සංඥා ගල්ගුහා මත විවිධ සත්ත්ව රුධිරය මගින් ඇඳ දැක්වීම මෙන්ම හූ හඬ, ගිනි ගැසීම් වැනි සංඥා භාවිත විය. තමා සතු යම් තොරතුරක් තම ප්‍රජාව සතු කිරීම සන්නිවේදනය නම් විය. අවාචික නැතිනම් නිර්වාචික සංඥා බොහොමයක් මුල්කාලීනව භාවිත විය. ඩිංග් ඩොංග්, පුහ්පුහ් වැනි සංඥා ක්‍රම භාවිතයෙන් භාෂාව බිහි වන්නට අඩිතාලම වැටිණි. සන්නිවේදනය මූලික වශයෙන් කොටස් ද්විත්වයකි. 01.මානව සන්නිවේදනය 02. සත්ත්ව සන්නිවේදනය මානව සන්නිවේදනය ඉතා උසස් ගණයේ සන්නිවේදන ක්‍රමවේදයකි. සත්ත්ව සන්නිවේදනය ප්‍රබල නොවූ අවාචික බවින් යුතු ක්‍රමවේදයකි. මෙම මානව සන්නිවේදනය නැවතත් කොටස් දෙකකට බෙදෙයි. 01. වාචික සන්නිවේදනය 02.අවාචික සන්නිවේදනය මූලිකව බිහි වූයේ අවාචික සන්නිවේදනය වුවද වාචික සන්නිවේදනය තුලින් ප්‍රකාශ කල නොහැකි බොහෝ දේ එක් අවාචික සංඥාවකින් ප්‍රකාශ කල හැකිය. මෙම වාචික අවාචික සන්නිවේදන ක්‍රම නැවත කොටස් පහකට බෙදෙයි. 01.අන්තර්වර්තී -

සන්නිවේදනයේ දැනුම් මිනුම් යාත්‍රාව - 2 කොටස

Image
සන්නිවේදනයේ දන්නා තොරතුරු තහවුරු කරගෙන, නොදන්නා තොරතුරු දැනගෙන අපි යමු අපේ සන්නිවේදන යාත්‍රාවේ ..... අද මං ගෙනාපු මේ තොරතුරු ඔයා දන්නවාද බලන්නකෝ.... 1 - ලංකාවේ ගුවන්විදුලි විකාශන කටයුතු ආරම්භය කරන ලද වර්ෂය කුමක්ද ? # වර්ෂ 1925 දෙසැම්බර් 16 2 - ලෝක ව්‍යාප්ත ජාලයේ ( word wide web - www) පියා කවුද?  # ටිම් බර්න්ස් - ලී (Tim Berners -Lee ) 3 - ශ්‍රී ලංකාවේ නිල ගුවන්විදුලි විකාශන ආයතනය කුමක්ද ? # ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව  4 - ටිවිටර් ( Twitter ) වෙබ් අඩවිය ආරම්භ කල වර්ෂය හා එහි නිර්මාතෘවරයා කව්රුන්ද?  # 2006 වර්ෂයේදී ජැක් ඩෝසි ( jack Dorsey) 5- විද්‍යුත් තැපැල් පණිවිඩ  හෙවත්  ඊ මේල් (e- mail)  ලිපිනය සදහා "@"  ( ඇට්) සංකේතය යෙදීමේ නිර්මාතෘවරයා  කවුද ? # ඇමරිකානු ජාතික රේ ටොමිලින්සන් 6 -  විද්‍යුත් තැපැල් පණිවිඩය හෙවත්  ඊ මේල්  ( e- mail)  තාක්ෂණයේ නිර්මාතෘවරයා කවුද ? #  ඇමරිකානු ජාතික රේ ටොමිලින්සන්  7- ලංකාවේ ප්‍රථම බෞද්ධ ආගමික රූපවාහිනි නාලිකාව කුමක්ද ?  # බෞද්ධයා නාලිකාව ( The Buddhist )