නව මාධ්‍ය යනු කුමක්ද ?



            විල්බර් ශ්‍රාම්ට අනුව නම් පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වන මනෝ වෘත්තියක් සන්නිවේදනය වේ. සන්නිවේදනය යන විෂය ක්ෂේත්‍රය ජනමාධ්‍ය යන්නටම පොදු වූවක් නොවේ. එය සමාජය තුල සෑම ස්ථානයක් පුරාම පැතිර යන්නකි.සන්නිවේදනය සඳහා මුද්‍රිත  , විද්‍යර්‍යුත්  නව මාධ්‍ය සොදාගත හැකිය. නමුත් මුද්‍රිත හා විද්‍යයුත් මාධ්‍යවලට සාපේක්ෂව සමාජය තුල වැඩි වශයෙන් වර්ධනය වන මාධ්‍යක් ලෙස නව මාධ්‍ය හදුන්වා දිය හැක. නව මාධ්‍ය ඉතා විශාල විෂය පථයක් හිමි කර ගත්තකි. ගෝලීයකරණයත් සමඟ එය ඉදිරියට පැමිණ තිබේ.නව මාධ්‍ය පැරණි මාධ්‍ය ඉක්මවා ගමන් කරන ප්‍රබල මාධ්‍යක් බවට පත්ව තිබේ.

          නවීන ලෝකය තුල දුර පිළිබඳ පවතින සබඳතාව පවත්වා ගැනීම අතිශය සරල සිද්ධියක් වී ඇත. ගෝලීය පරිමාණයෙන් සන්නිවේදනයන් පවත්වා ගැනීම පහසු වී ඇත. එක් අන්තයක් තවත් අන්තයක් හා යා කරමින් ක්ෂණික ලෙස ඇති කරනු ලබන මෙම සබඳතාව අනෙකුත් මාධ්‍ය අභිබවා ගමන් කර තිබේ.එය නව මාධ්‍ය ලෙස වර්තමාන සමාජය හදුනා ගනී.අන්තර්ජාලය හා බද්ධ වී නව මාධ්‍ය ගොඩනැගී තිබේ.ඕනෑම ස්ථානයක් තුල ඕනෑම අවස්ථාවකදී ඩිජිටල් මෙවලමක් ඔස්සේ සම්බන්ධ වීමට හැකියාව පවතී. ලෝක සංවර්ධනය සදහා අද වන විට නවමාධ්‍ය තුලින් පෙලඹවීමක් ඇති කර තිබේ.
මාධ්‍යක් නව (new) වන්නේ කෙසේද යන්න මුලින්ම විවරණය කලේ කැනේඩියානු සන්නිවේදන ශාස්ත්‍රඥයා වන මාර්ෂල් මැක්ලුහන් වේ. ඔහු තම understanding media යන කෘතිය තුල නව මාධ්‍ය පිලිබඳ පහදයි.

              වර්තමානයේ තුල ආර්ථික සමාජයීය සෑම ක්ෂේත්‍රයක් තුලම නව මාධ්‍ය යොදා ගනී. සුනන්ද මහේන්ද්‍රයන්ට අනුව නව මාධ්‍ය සඳහා හුරු වීමට අකමැති බොහෝ දෙනාට අනාගතයේදී බොහෝ දේ අහිමි වන බව පවසයි. මේ තුලින් සමාජයට නව මාධ්‍ය තුලින් වන බලපෑම පහදයි.ලෝක සංවර්ධිත රටවල නව මාධ්‍ය භාවිතය ප්‍රතිශත අතරින් ඉහල මට්ටමක පවතී. 1960 දශකයේදී පරිගණකය විප්ලවීය කලාවන් හා මිශ්‍ර වීම සමඟ වඩාත් ශක්තිමත් මාධ්‍යක් බවට පත් විය. 1980 දශකය තෙක් රූපවාහිනීය ගුවන් විදුලිය යන ජන මාධ්‍යවල විකාශන කටයුතු ඇනලොග් තාක්ෂණය තුලින් සිදු විය.ඩිජිටල් පරිගණක තාක්ෂණය සමඟ වෙනස් තත්ත්වයක් ඇති විය. අද වන විට මේවා වෙනස් වී ඇත. Social media,skype,google glass ආදී නව මුහුණුවරකින් නව මාධ්‍ය වර්ධනය වී ඇත.ජංගම දුරකථනය තුලින් සියල්ල කාර්යක්ෂමව ඉටු කරගන්නට හැකිය.නව මාධ්‍ය අධ්‍යයනය තුල යන්ත්‍ර විද්‍යාව,අර්ධ විද්‍යාව,සංඥා විද්‍යාව, විද්‍යුත් විද්‍යාව යන විෂයන් පිලිබඳ අවධානය යොමු වේ.

              දුර ජය ගැනීම නව මාධ්‍ය භාවිතයේ ක්ෂණික ජයග්‍රහණයකි. නමුත් නව මාධ්‍ය භාවිතය සතු ඩිජිටල් අන්තර්ගතයන් ගැන බොහෝ දෙනා සතු නොදැනුවත්කම වේ. මේ නිසා නව මාධ්‍ය ගැන සමාජ කතිකාවත පුලුල් කල යුතු වේ.

             නව මාධ්‍ය සතුව ක්ෂණික බව, අවම වියදම, සන්නිවේදනයේ පහසුව,කාලය පිරිමැසුම වාසි වීම,අඩු කාලයකදී විශාල ප්‍රමාණයකට ආමන්ත්‍රණය කල හැකිවීම, රැහැන් රහිත මාධ්‍ය තාක්ෂණයේ වර්ධනය ඒතුල සුවිශේෂී ලක්ෂණ වේ.

U.W.S.Udamahima

SC /MM/ 2015/ 2016/ 83

Comments

Post a Comment

Popular posts from this blog

තාරුණ්‍යය හා ජංගම දුරකථන

සන්නිවේදන යනු කුමක්ද ???