සන්නිවේදන යනු කුමක්ද ???




                 මිනිසා ලෝකය තුල ජීවත් වන්නට පටන් ගත්දා සිටම සන්නිවේදනයේ ආරම්භය සිදුවූ බව කියවේ. අතීතයේදී මිනිසාට භාෂාව භාවිතා කිරීමක් නොතිබුණද තමා දුටු දේ රඟපා පෙන්වීම මෙන්ම තම හස්තයේ සංඥා ගල්ගුහා මත විවිධ සත්ත්ව රුධිරය මගින් ඇඳ දැක්වීම මෙන්ම හූ හඬ, ගිනි ගැසීම් වැනි සංඥා භාවිත විය. තමා සතු යම් තොරතුරක් තම ප්‍රජාව සතු කිරීම සන්නිවේදනය නම් විය. අවාචික නැතිනම් නිර්වාචික සංඥා බොහොමයක් මුල්කාලීනව භාවිත විය. ඩිංග් ඩොංග්, පුහ්පුහ් වැනි සංඥා ක්‍රම භාවිතයෙන් භාෂාව බිහි වන්නට අඩිතාලම වැටිණි.
සන්නිවේදනය මූලික වශයෙන් කොටස් ද්විත්වයකි.

01.මානව සන්නිවේදනය

02. සත්ත්ව සන්නිවේදනය

මානව සන්නිවේදනය ඉතා උසස් ගණයේ සන්නිවේදන ක්‍රමවේදයකි. සත්ත්ව සන්නිවේදනය ප්‍රබල නොවූ අවාචික බවින් යුතු ක්‍රමවේදයකි.

මෙම මානව සන්නිවේදනය නැවතත් කොටස් දෙකකට බෙදෙයි.

01. වාචික සන්නිවේදනය

02.අවාචික සන්නිවේදනය

මූලිකව බිහි වූයේ අවාචික සන්නිවේදනය වුවද වාචික සන්නිවේදනය තුලින් ප්‍රකාශ කල නොහැකි බොහෝ දේ එක් අවාචික සංඥාවකින් ප්‍රකාශ කල හැකිය.

මෙම වාචික අවාචික සන්නිවේදන ක්‍රම නැවත කොටස් පහකට බෙදෙයි.

01.අන්තර්වර්තී - තමා තුල බාහිරව හා අභ්‍යන්තර ලෙස සිදුවන සන්නිවේදනය වේ.

02.පුද්ගලාන්තර සන්නිවේදනය - පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවන සන්නිවේදනය.

03. සමූහ සන්නිවේදනය - පුද්ගලයින් දෙදෙනෙකුට වැඩි පිරිසක් අතර සිදුවන සන්නිවේදනය.

04.ජන සන්නිවේදනය - ගුවන්විදුලි රූපවාහිනී පුවත්පත් ආදී ජන මාධ්‍ය ඔස්සේ ඉතා විශාල ප්‍රේක්ෂක පිරිසක් ඇමතීමේ සන්නිවේදනය.

05.ගෝලීය/විශ්ව සන්නිවේදනය - විශ්වය පුරා සිදුවන තොරතුරු හුවමාරුව

මෙම කොටස් පහ,

01.විෂය මූලික

02.මාධ්‍ය මූලික

ලෙස කොටස් දෙකකි.

විෂය මූලික සන්නිවේදනය යටතට,

01. සංවර්ධන සන්නිවේදනය

02.ආර්ථික සන්නිවේදනය

03.දේශපාලනික සන්නිවේදනය

04.ව්‍යාපාර සන්නිවේදනය

අයත්ය.

මාධ්‍ය මූලික සන්නිවේදනය යටතට,

01.සාම්ප්‍රදායික මාධ්‍ය ( අතීත මාධ්‍ය)

02.නූතන මාධ්‍ය (විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය)

03.නව මාධ්‍ය (අන්තර්ජාලය හා සැටලයිට් තාක්ෂණය මුල් කරගත් මාධ්‍ය)

                      මේ අයුරින් සන්නිවේදනය යන සංකල්පය පිලිබඳව කොටස් වශයෙන් බෙදාගත් කරුණු කිහිපයක් ඔස්සේ සාකච්ඡා කල හැකිය. සන්නිවේදනය යනු මිනිසාගේ අද දවස හෙට දවස මෙන්ම අනාගතයද තීරණය කරන සාධකය වේ.

U.W. SUPUNI UDAMAHIMA

 SC/ MM /2015/2016/ 83


Comments

Popular posts from this blog

තාරුණ්‍යය හා ජංගම දුරකථන

නව මාධ්‍ය යනු කුමක්ද ?