තාරුණ්‍යය හා ජංගම දුරකථන
නිර්වාචික යුගයෙන් ඇරඹී සන්නිවේදනය භාෂණ ,ලේඛන,තාක්ෂණික යුග පසු කරමින් වර්තමානය වන විට නව තාක්ෂණය කරා පැමිණ ඇත.තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ය. ගෝලිකරණයත් සමග මුළු ලොවම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව නොරහසකි. මීට දශක දෙක තුනකට පෙර දුරකථන පැවතියේ ගමකට එකක් ලෙසය.නමුදු තාක්ෂණයේ දියුණුවත් සමඟ ජංගම දුරකථනයක් නොමැති කෙනෙකු සොයා ගැනීමට අපහසුය. මෙලෙස තාක්ෂණය දියුණු වීම තුළින් කාලය හා අවකාශය අවම වී පුද්ගලයෙකුගේ කාර්යයන් ඉතා වේගවත්ව හා ක්ෂණිකව කර ගත හැක.අතීතයේදී දුර බැහැර සිටින තම හිතවතෙකුට හදිසි පණිවිඩයක් පවා යැවීමට බොහෝ කල් ගත වුණි.නමුදු වර්තමානයේ තත්පර ගණනකින් එම කාර්යය සිදු කළ හැකිය.මෙය මානවයා ලත් සුවිශේෂී ජයග්‍රහණයකි.
ලංකාව තුළ සිටින ජනගහනයටත් වඩා ජංගම දුරකථන භාවිත වන බව පසුගියදා පුවත්පත් වාර්තාවක පැවතුණි.එය සුවිශේෂී වන්නේ ජනගහනයටත් වඩා දුරකථන පවතින නිසාය.එනම් 99% වඩා ලංකාව තුළ ජංගම දුරකථන භාවිත වේ.මෙහි ඛේදනීය තත්ත්වය වන්නේ තරුණ පරපුර ජංගම දුරකථන " වඳුරන්ට දැලි පිහිය අහුවුණා" ලෙසට භාවිත කිරීම නිසාය.
තාරුණ්‍යයට තාක්ෂණය අත්‍යවශ්‍යය . ජංගම දුරකථනයෙන් ප්‍රයෝජන රැසක් පවතින බවද සත්‍යය."පිහිය රත්තරන් වුණාට බෙල්ල කපා ගන්නේ නැත."ජංගම දුරකථනය කෙතරම් ප්‍රයෝජන ගෙන දුන්නත් එයට අධික ලෙස පෙළඹීම ජීවිතයට හානියක් සිදු කරයි. 2013 ඕස්ට්‍රේලියානු රාජ්‍ය කළ සමීක්ෂණයකට අනුව සොයා ගෙන ඇත්තේ ජංගම දුරකථන නිසා ලෙඩ රෝග රැසක් ඇති වන බවයි.මොළයේ සෛල විනාශ වීම,වඳ බව ඉන් ප්‍රධාන වේ.
ජංගම දුරකථනය යනු මෙවලමකි. මෙවලමක් හොඳ හෝ නරක වන්නේ නැත. එය භාවිත කරන්නා මත පදනම් වේ. වර්තමානය වන විට මෙය අව භාවිතාට ලක්ව තිබේ. එනම්,ජංගම දුරකථනය හරහා සිදු වූ අපචාර,මංකොල්ලකෑම් රාශියක් පසුගිය වකවානුවේදී වාර්තා විය.එමෙන්ම වර්තමානයේ ප්‍රේම සබඳතා ඇති වීමට හේතුව වන්නේ ජංගම දුරකථනයයි. නන්නාඳුනන අය සමඟ ජංගම දුරකථනයෙන් හාද වී සිය ජීවිතයම අඳුරට ඇද ගන්නා ජීවිත අපමණය. මෙසේ දැඩි තර්ජනයක් සමාජයට මෙන්ම තාරුණ්‍යයටද එල්ල වී හමාරය.
ජංගම දුරකථනය තුළම තාරුණ්‍යය ජීවත් වීම නිසා පරිකල්පන ශක්තිය,ලේඛන හැකියාව මොට වී ඇත.ඔවුන්ට සිතීමට කාලයක් නැත.බස් නැවතුම,මහ මග මේ ආදී සියලු ස්ථානයන්හිදී සිත යොමු වී ඇත්තේ ජංගම දුරකථනය වෙතය.ජංගම දුරකථනය ඔවුන්ගෙන් දුරස් වන්නේ නිදා ගන්නා මොහොතේදී පමණි.වර්තමානයේ සාහිත්‍යය දියුණු වනවා වෙනුවට සිදු වන්නේ භාෂාව විකෘති වීමය. ජංගම දුරකථනය ඔස්සේ "සිංglish" භාෂාවකට යොමු වී ඇත.
නව තාක්ෂණය ඔස්සේ ඉදිරි ලොව කරා අප පිය නැගිය යුතුය.අප ළිං මැඩියන් සේ සිටිය යුතු නොවේ.නමුත් ඉවක් බවක් නොමැතිව ජංගම දුරකථනය භාවිතය නිසා අකාලයේ මිලිනව යන්නේ තරුණ ජීවිතය.මේ නිසා බුද්ධියෙන් සිතා මතා තීරණ ගත යුතුය. නැතහොත් ජංගම දුරකථන නැමැති රකුසා තාරුණ්‍යය බිලි ගනු ඇත...
G.D.Beshni Jayamalee
SC /MM/ 2015/ 2016/ 29
👌
ReplyDeleteGodak wedagath karunu tikak
ReplyDeleteGood work
Issarahatath me wage dewal karanna gdk hodai👍
👍👍
ReplyDelete👍
ReplyDeleteමුන්ට මොල්
ReplyDelete👍👍
ReplyDeleteGood Job 😊🤙
ReplyDeleteමේ දැනුත් ෆෝන් එකෙන් බලාගෙන රචනාවක් ලියන මම😂💔
ReplyDelete