අපරාධයේ ප්‍රාසාංගික බව මාධ්‍යයෙන්
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbmjrQU-_Bh4V1_NddBqjG798H_9ZarivkZe-MlUzLu52-wcaNHKfdUSCLfcisN8SP3FO_nkH443_dYaWB51Afk6Ii7zzn8a-r4JQwVkYVe9-J650UylznYAejw0jovGQJRq6BPMRbqG4/s320/IMG-20181203-WA0005.jpg)
මාධ්‍ය සිව්වන ආණ්ඩුව වශයෙන් සැලකේ. මිනිසා ජීවත් වන සමාජය තුල සිදුවන වැදගත් තොරතුරු ආදිය බෙදා හැරීම මාධ්‍ය තුලින් සිදුවේ. රටක් පාලනය කරන පාලකයා මෙන්ම මාධ්‍ය තුලින්ද ජනතාවගේ ශික්ෂණය පාලනයට යම් වැඩපිලිවෙලක් සකස් විය යුතුමය. අද වන විට තම එදිනෙදා ක්‍රියාකාරීත්වය මාධ්‍යට අනුව හසුරුවාගෙන සිටින සමාජයක් තුල සිටින ජනතාවට මාධ්‍ය තුලින් යහපත මිස අයහපත මුසු වීම යුතු නැත. ලංකාව තුල මාධ්‍ය අතර සුවිශේෂී ලෙස අපරාධ වාර්තාකරණයෙහි යෙදෙන මාධ්‍යක් ලෙස රූපවාහිනිය හඳුන්වා දිය හැකිය. අද වන විට එය ඉදිරිපත් වන්නේ ප්‍රාසාංගික අන්දමිනි. සමහර අපරාධ නාට්‍යක් තුල ජවනිකාවක් ලෙස දිස් වේ. මේ සියල්ල මාධ්‍ය තුලින් අපූර්ව ලෙස එක්තැන් කරගනු ලබන්නේ, ජනතාවට ඒ අපූර්වත්වය නිර්මාණශීලී ලෙස ඉදිරිපත් කරමින් ජන මනස ඒවා නැරඹීමට පෙළඹවීම් ගැන්වීමයි. අපරාධකාරයින් අපරාධ කරනවා සේම මාධ්‍යද අපරාධ සිදු කරයි. මිනී මරයි. පිහියෙන් අනී. අද රාත්‍රීයේ විකාශනය වන පුවත් විමසුමක මෙවැනි පුවත් අනිවාර්යය වේ. මන්ද ඒ සියලු නිර්මාණශීලීත්වයන් ජනප්‍රියත්වය මුහු කරගත් ඒවා වීමය. අද වන විට මිනීමැරුමක් සිදුවුවද එය අපූර්ව අන්දමින් මාධ්‍යගත කරයි. එය සිදු ව...