දන්න facebook ගැන නොදන්න කතා
Facebook නැත්නම් මුහුණු පොත ගැන අද කාලේ දන්නැති කෙනෙක් නැති තරම්. උදේ ඇහැරුන වෙලාවේ ඉදන්, අපි නින්දට යනතුරුම facebook අපේ ලගින්ම ඉන්නවා.. ඒ තරමට අපිට දැන් මුහුණු පොත ඉතාම සමීපයි .අපේ දුක ,සතුට ආදී සියලු හැගීම් බේදාගන්න මුහුණු පොත ගැන, අපි කොච්චර විස්තර දන්නාවාද???? බලන්න මේ තොරතුරුවලින් කීයක් ඔයා කලින් දැනගෙන හිටියාද කියලා..
1- facebook සමාගමේ ප්‍රධාන නිර්මාතෘවරයා මෙන්ම වර්තමානයේ හිමිකරුවා කවුද ?
* මාර්ක් සකර්බග් ( mark zuckerbeg )
2 - facebook ලෙසින් වර්තමානයේ හදුන්වන වැඩසටහන අතීතයේදී හැදින්වූ නම කුමක්ද ?
* facemash
3 - facemash ලෙසින් හැදින්වූ එම වැඩසටහන ආරම්භයට දායකත්වය දැක්වූ සකර්බගගේ මිතුරන් කවුද ? ඔවුන් එසේ එවැන්නක් ආරම්භය කල හේතුව කුමක්ද?
* සකර්බග් facemash නම් වැඩසටහන ආරම්භ කරන ලද්දේ , ඔහු ඉගෙනුම් කටයුතු සිදු කල හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මිතුරන් පිරිසක් සමගය. එම මිතුරන් වන්නේ eduarado saverin, dustin mokvitz, chris hughes යන අයයි .
* මෙලෙස ඔවුන් facemash ලෙසින් ආරම්භ කරල් ලද්දේ ඔවුන්ගේ විශ්වවිද්‍යාලයේ මිතුරන් අතර තොරතුරු හුවමාරූ කිරීමේ මෙවලමක් ලෙසය. පසුව එය ක්‍රමක්‍රමයෙන් ප්‍රසිද්ධ වී ලොවම එය වැලදගන්නා ලදි.
* 2004 වර්ෂයේ පෙබරවාරි 04
4 - facebook සමාගමේ මූලස්ථානය කොහේදා?
* ඇමරිකා එක්සත් ජනපදයේ කැලුෆෝනියා ප්‍රාන්තයේ මෙන්ලෝ
5 - facebook සදහා යොදාගෙන ඇති මූලික වර්ණය කුමක්ද ?
* නිල් වර්ණය
6 - facebook සදහා එසේ නිල් වර්ණය යොදා ගැනීමට හේතූ මොනවාද ?
* මාර්ක් සකර්බර්ග් රතු කොල වර්ණ අන්ධතාවයෙන් පෙළෙන අතර ඔහුට නිල් වර්ණය හොදින් දිස් වීම.
* facebook මාධ්‍ය හරහා බොහෝ පිරිසක් තම පුද්ගලික තොරතුරු හුවමාරූ කර ගැනීම සිදු කරනු ලබයි . ඔවුන්ට ඉතා වැදගත් සංකල්ප දෙකක් වන විශ්වාසය හා ආරක්ෂාව නිරූපණය කිරීමට ලොව පුරා නිල් පාට යොදා ගනී .
(මේ හේතු නිසා facebook සදහා නිල්පාට යොදාගෙන ඇත.)
7- facebook සමාගම සිය මුල්ම ලාංජන ලෙස යොදා ගත්තේ කාගේ පින්තූරයක්ද?
* ඇමරිකාවේ රංගන ශිල්පියෙක් වූ අල් පැසිනෝගේ පින්තූරයක්
8 - facebook තුල කැමැත්ත පල කිරීමට ඔවුන් මුලින්ම හදුන්වා දුන් ලාංජනයේ නම කුමක්ද?
* ඕසම් ( Awesome ) ලාංජනය
9 - එම ඕසම් (Awesome) බොත්තම 2007 වර්ෂයේ සිට ලයික් (like) බොත්තම ලෙස වෙනස් කරන ලද්දේ කව්රුන් විසින්ද?
* මාර්ක් සකර්බග්
10 - facebook සදහා ඩොලර් 500,000 ක මුල්ම ආයෝජනය සිදු කරන ලද pappal හී සමනිර්මාතෘවරයා කව්ද?
* පීටර් ටීල් ( Peter Thiel)
11 - facebook අඩවිය තුල සෑම තත්පරයකදීම දළ වශයෙන් නව ගිනුම් කොපමණ ආරම්භ වේදා?
* දළ වශයෙන් තත්පරයකට නව ගිනුම් 5ක් පමණ
12 - facebook තුල පොස්ට් ( post) දැමීමට හොදම වේලාව කුමක්ද ?
* රාත්‍රි 10 ත් 11 ත් අතර
13 - ලෝකයේ වැඩියෙන්ම facebook පරිහරණය කරන රට කුමක්ද ? ඒ කොපමණද ?
* ඇමරිකාව
* මිලියන 115 ක් පමණ
14 - 2018 වර්ෂයට අනුව ආසියාවේ වැඩියෙන්ම facebook පරිහරණය කරන රට කුමක්ද ?ඒ පිරිස කොපමණද
* ඉන්දියාව
* මිලියන 251
15 - ස්ථීර ලෙසම facebook තහනම් කර ඇති රටවල් මොනවාද?
* ඉරානය
* උතුරු කොරියාව
* චීනය
අලුත් තොරතුරු ගොඩක් ඔයා දැනගන්න ඇති කියලා මං හිතනවා..
SC/ MM/ 2015/ 2016/81
වැදගත් තොරතුරු සමූහයක්
ReplyDelete