නව මාධ්‍ය සංස්කෘතිය


                       වත්මන් සමාජ ප්‍රගමනයේ ප්‍රතිඵලයක් ලෙස අපට දායාද වූ අංගයක් ලෙස නව මාධ්‍ය පෙන්වා දිය හැක. නව මාධ්‍යය අධ්‍යතනයේ සමාජයට අත්‍යවශ්‍ය තොරතුරු සන්නිවේදන මෙවලමක් බවට පත් වී ඇත. තරගකාරී සමාජයේ සන්නිවේදන අවශ්‍යතාව පහසු කරන්නේ නව මාධ්‍යයි.ඒ අනුව සමාජ මාධ්‍යයයෙන් තොරව අද මිනිසාට සිතන්නටවත් ඉඩක් වර්තමානයේ නොමැත. සංකීර්ණ මිනිස් සබදතා සරල කරන්නේ මුහුණු පොත වැනි මාධ්‍ය තුළින්ය. ඒ තුළ මිනිසාට නව ජීවන රටාවක් නව මාධ්‍ය කියා දෙනු ලැබේ.නව මාධ්‍ය භාවිතාවත් සමග මිනිස් සිතුම් පැතුම් හී වෙනසක් ඇති වේ. හුදෙක් එය සමාජ ප්‍රගමනයට සිදුවේ නම් අගය කල හැක. මිනිස් සබදතා සමීප කලත් තොරතුරුවලින් මිනිසා පරිපූර්ණත්වයට පත් කලද මේ අපූරු මාධ්‍ය  අපේ සමාජ සංස්කෘතිය කෙරෙහි අනිසි ලෙස බලපෑම එල්ල කිරීම අගය කල යුතු කාරණාවක් නොවේ.

             අද මිනිසා හුදෙකලා ජීවියෙකු බවට පත්ව ඇත  පවුල් සබඳතා බිදී ගොසිනි. මිනිසා දුරකතනයට පමනක් සීමා වීම නිසා මානුෂවාදී හැගීම් ගිලිහී ඇත. අන්තර්ජාලයේ නව ප්‍රවනතා මිනිසා ක්‍රියාත්මක කිරීමට පෙලඹේ. මිනිස් සිතුවිලි නව මාධ්‍යය අනුව හැඩ ගැසේ.ඒ තුල මිනිසා නව මාධ්‍ය තුළ වන නවීකරණය වන සංකල්ප කෙරෙහි යොමු වේ.ඒ තුළ යහගුණදම්,සහජීවන යන සංකල්ප ගිලිහී යාම සිදු වේ. එනම් වැඩිහිටියන්ට ගරු නොකරන , නොහික්මුනු,වැරදි ක්‍රියා කෙරෙහි යොමුවන පිරිස් මනුස්සකම දිය කර හරින පිරිසක් බිහි කිරීමට නව මාධ්‍ය දායාදක වී ඇති බව කනගාටුවෙන් උවත් කිවයුතුය.


                     නමුදු නව මාධ්‍ය පරිහරණය කිරීමේ දී සැලකිලිමත්ව,අවදානයෙන් පරිහරණය කිරීම තුලින් මතුවන ගැටලු සීමා කොට ගත හැක. එසේම එය පරිහරණය කිරීමේදී හැකිතාක් බුද්දිමත්වීම අප සැමගේම නුවණට හුරු ක්‍රියාවලිකි.


K.M.K.G.T.S Hennayake

SC /MM /2015 / 2016/ 26

Comments

Popular posts from this blog

තාරුණ්‍යය හා ජංගම දුරකථන

නව මාධ්‍ය යනු කුමක්ද ?

සන්නිවේදන යනු කුමක්ද ???