නිර්වාචික යුගයෙන් ඇරඹී සන්නිවේදනය භාෂණ ,ලේඛන,තාක්ෂණික යුග පසු කරමින් වර්තමානය වන විට නව තාක්ෂණය කරා පැමිණ ඇත.තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ය. ගෝලිකරණයත් සමග මුළු ලොවම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව නොරහසකි. මීට දශක දෙක තුනකට පෙර දුරකථන පැවතියේ ගමකට එකක් ලෙසය.නමුදු තාක්ෂණයේ දියුණුවත් සමඟ ජංගම දුරකථනයක් නොමැති කෙනෙකු සොයා ගැනීමට අපහසුය. මෙලෙස තාක්ෂණය දියුණු වීම තුළින් කාලය හා අවකාශය අවම වී පුද්ගලයෙකුගේ කාර්යයන් ඉතා වේගවත්ව හා ක්ෂණිකව කර ගත හැක.අතීතයේදී දුර බැහැර සිටින තම හිතවතෙකුට හදිසි පණිවිඩයක් පවා යැවීමට බොහෝ කල් ගත වුණි.නමුදු වර්තමානයේ තත්පර ගණනකින් එම කාර්යය සිදු කළ හැකිය.මෙය මානවයා ලත් සුවිශේෂී ජයග්රහණයකි. ලංකාව තුළ සිටින ජනගහනයටත් වඩා ජංගම දුරකථන භාවිත වන බව පසුගියදා පුවත්පත් වාර්තාවක පැවතුණි.එය සුවිශේෂී වන්නේ ජනගහනයටත් වඩා දුරකථන පවතින නිසාය.එනම් 99% වඩා ලංකාව තුළ ජංගම දුර...
Comments
Post a Comment