ජනමාධ්‍ය විෂය යාවත්කාලීන කරමු
ජනමාධ්‍ය විෂයේ සුවිශේෂත්වයක් වන්නේ නව දැනුම හා භාවිතයන් ඊට එකතු වීමයි. තාක්ෂණය විසින් අත්පත් කරගනු ලබන ජයග්‍රහණ ක්ෂණිකව ජනමාධ්‍යයන්ට අන්තර්ග්‍රහණය වීමක් දක්නට ලැබේ.මේ නිසා ජනමාධ්‍ය පාඨමාලා විෂය නිර්දේශය වාර්ෂිකව නැවත සලකා බලමින් නව දැනුම සමග බද්ධ කිරීම අවශ්‍ය වේ.
ජනමාධ්‍ය උපාධි අපේක්ෂකයන්ට ජනමාධ්‍ය විෂය ධාරාව හැරුනු විට ඉතිහාසය ,සාහිත්‍යය ,සමාජය,දේශපාලනය,ආර්ථික හා ජාත්‍යන්තර කටයුතු ආදී පුලුල් විෂය ධාරාවක් හැදෑරීමට ලැබේ නම් එය වඩා ඵලදායී වේ.
එක් එක් විශ්වවිද්‍යාලයයන්වල ජනමාධ්‍ය අංශ එකිනෙකට වෙනස් හා තරගකාරී ලෙස ජනමාධ්‍ය පාඨමාලා හදුන්වා දීම කෙරෙහි අවධානය යොමු කල යුතු වේ.
ජනමාධ්‍ය විෂය හැදෑරීමට උසස් .පෙළ කලා විෂය ධාරාව පමනක් නොව් ඕනෑම විෂය ධාරාවක් හදාරන සිසුන්ට අවස්තාව ලබා දිය යුතුය.
පොදුවේ ගත් කල ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ජනමාධ්‍ය පර්යේෂණ කෙරෙහි යොමු කර ඇති අවධානය අල්පය.
වර්තමාන සමාජය තුළ ජනමාධ්‍ය හිමිකරගෙන තිබෙන බලසම්පන්න භූමිකාව පිළිබඳ නව දැනුම නිෂ්පාදනය කිරීමටත් ඒවා සමාජගත කිරීමටත් ජනමාධ්‍ය අධ්‍යයන අංශ අශ්‍රිත පර්යේෂණ මධ්‍යස්ථාන පිහිටුවීම අවශ්‍යය.
විශ්වවිද්‍යාල ප්‍රතිපත්ති තීරකයෝ වෛද්‍ය විද්‍යාව හදාරන සිසුන්ට වැය වන මුදලට සමාන මුදලක් කලා විෂයයන් හදාරන සිසුන්ට වැය වනවාට කැමැත්තක් නොදක්වති.
නමුත් කිසිවෙකුගේ මෙතෙක් අවධානය යොමු නොවූ ජනමාධ්‍ය අංශය කෙරෙහි අවධානය යොමු කිරීමේ කාලය එලැබ තිබේ.
K.M.K.G.T.S. Hennayake
SC /MM /2015 / 2016/ 26
හොඳයි 💪
ReplyDelete