ලෝකප්‍රකට මුල්ම පණිවිඩ

                  



              මුළු ලොව එකම ගම්මානයක්‌ බවට පත් කළේ සන්නිවේදනය බව කීවොත් ඔබ ඊට මඳක්‌ හෝ විරුද්ධ නොවනු ඇත. හූවෙන් ඇරඹුණා සේ සැලකෙන පණිවිඩයේ ගමන අද වන විට ජනප්‍රිය සන්නිවේදනයක්‌ (Popular Communication) දක්‌වා විශාල දිගු ගමනක්‌ පැමිණ ඇත. සන්නිවේදනය මිනිස්‌ සමාජයට ගෙන යන්නට තැපෑල තුළින් මහඟු සේවයක්‌ අදටත් සිදුවේ. අතීත තැපෑලේ වේගවත්ම පණිවිඩ මාධ්‍යය වී තිබුණේ විදුලි පණිවිඩ සේවාවයි. එවකට ස්‌ථාවර දුරකථන පරිභෝජනය සීමිත වූ බැවින් පුද්ගලයකුගේ මරණයක්‌ පිළිබඳව පවා දුර සිටින නෑදැ හිතවතුන්ට දැන්වූයේ "විදුලි පණිවිඩයක්‌" මගිනි. තැපැල් කාර්යාල අතර පැවැති දුරකථන සේවාවන් හවුල් කරගෙන ලිත කෙටි පණිවිඩයක්‌ ලෙස විදුලි පණිවිඩ සේවාව සම්පූර්ණ විය. එහෙත් අද සමාජයේ සෑම තරාතිරකම අයෙකු සතුව ජංගම දුරකථනයක්‌ ඇත. සමහරුන්ට ජංගම දුරකථන එකක්‌ වෙනුවට දෙකක්‌ම තිබේ. බොහෝ අය පණිවිඩ ලබා ගැනීම තවදුරටත් වර්ධනය කරනු පිණිස එක්‌ ජංගම දුරකථනයකට "සිම් කාඩ්පත්" දෙකක්‌ භාවිත කරති. සෘජු ඇමතුම් මෙන්ම SMS පණිවිඩ ක්‍රියාවලියද අද බෙහෙවින්ම ජනප්‍රියයි.

ඊමේල්, ෆේස්‌බුක්‌, ගූගල්, යූ ටියුබ්, ට්‌විටර් වැනි මාධ්‍යයන් අද බහුලව භාවිත වේ. කිසිම ආයාසයකින් තොරව ඉතාම පහසු මිලට වෙළෙඳපොළේ බහුල ජංගම දුරකථන අද සන්නිවේදනය සඳහා පොදුවේ භාවිතා වන ජනප්‍රියම සන්නිවේදන උපකරණයයි.

මේ සන්නිවේදන මාධ්‍යයන් හා ඒ ඒ සන්නිවේදන මාධ්‍යයන් තුළින් ප්‍රකාශයට පත්වූ මුල්ම පණිවිඩ පිළිබඳ ඔබ මෙතෙක්‌ නොදැන සිටි තොරතුරු කීපයකි මේ.

* අතේ ගෙන යා හැකි දුරකථනයකින් මුල්ම පණිවිඩ ප්‍රකාශ වූයේ 1973 අප්‍රේල් මස 03 වැනිදාය. ඇමරිකාවේ නිව්යෝක්‌ නගරයේ සිට මාටින් කූපර් නමැත්තෙකු ඊට දායක විය.

* අද ජනප්‍රියම සන්නිවේදන ක්‍රමයක්‌ වන යූ ටියුබ් වල ආරම්භය සිදුවූයේ 2005 වසරේ අප්‍රේල් මාසයේදීය.

* ට්‌විටර් වෙබ් අඩවිය ඇරඹුණේ 2006 වසරේ මාර්තු 21 වැනිදාය. ට්‌විටර් ක්‍රමයේ නිර්මාතෘ වන්නේ "ජැක්‌ ඩෝසෙයි" නමැත්තාය.

ඒ ඒ සන්නිවේදන මාධ්‍යයන් තුළින් ප්‍රකාශ වුණු මුල්ම පණිවිඩ පිළිබඳ තොරතුරු 

* 1844 - විදුලි පණිවිඩය - "What hath god wrought"

* 1876 - දුරකථනය - "Mr. Watson,come here, I want see you"

* 1897 - සාගරයේදී සිදුකරන රැහැන් රහිත සන්නිවේදනය - "Are you ready"?

* 1967 - බී.බී. ගුවන්විදුලිය - "And good morning everyone. welcome to the exciting new sound of Radio-1"

* 1969 - සඳ මතට ගොඩබැසීම - "That's one small step for man, one giant leap for mankind"

* 1971 - විද්යුත් පණිවිඩ (ඊමේල්) "Qwer tyuiop"

* 1992 - කෙටි පණිවිඩ - SMS - "Text messege" Merry Christmas

* 2005 - යුටියුබ් - වීඩියෝ ඇමතුම - "Me at the zoo" Alright so here we are in front of the elephants

* 2006 ට්‌විටර් - "just Setting up my fwttr"


උපුටා ගන්නා ලදි

W.A.A.Ishani Wanasinghe 

SC/MM/ 2015/ 2016/ 81

Comments

Popular posts from this blog

තාරුණ්‍යය හා ජංගම දුරකථන

නව මාධ්‍ය යනු කුමක්ද ?

සන්නිවේදන යනු කුමක්ද ???