සුචරිතවත් සමාජයක් බිහි කිරීමෙහිලා මාධ්‍යයේ වගකීම
අතීතයේදී අලුත් අවුරුදු දැන ගත්තේ පන්සලෙන් වුවත් වර්තමානය වන විට එය මාධ්‍ය හරහා දැන ගනී.තමාට අවශ්‍ය ඇදුම් පැළඳුම්,කෑම බීම තීරණය කරන්නේද මාධ්‍යයි. එවැනි දැඩි බලපෑමක් මාධ්‍ය සමාජයට එල්ල කර ඇත.මාධ්‍ය මගින් නිරූපණය කරන ඕනෑම දෙයක් ක්ෂණිකව වැළඳ ගැනීමට ජනයා හුරු වී ඇත.එම නිසා තම ලාභ අරමුණු ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙන් මාධ්‍ය තමාට අවශ්‍ය පරිදි ජනයාව පොළඹවා ගනී.මාධ්‍ය තුළින් පෙන්වන සියලු දේ සත්‍යය යැයි පිළිගන්නා සමාජයක් බිහි වී තිබීම ඛේදනීය තත්ත්වයකි. වානිජවාදී අදහස් ඇති මාධ්‍ය සමාජ යහපත නොසිතයි.බටහිරකරණයට ලක්ව ඇති මාධ්‍ය දේශීයත්වය යටපත් කිරීමෙන් සමාජ සංස්කෘතිය ආගම බිද වැටෙමින් ඇත.මාධ්‍ය මගින් ජනයාව පෙළඹවීමට ලක් කරන නිසා ජනයා තම සම්ප්‍රදායික සංස්කෘතිය පහතට දමයි.මේ නිසා සමාජයක් සතු ගුණ ධර්ම පිරිහෙමින් අධර්මිෂ්ඨ සමාජයක් ගොඩ නැගේ.මන්ද මාධ්‍ය මගින් බොහෝ විට ප්‍රචණ්ඩකාරි සිදුවීම් උද්දීපනය කරයි.
වර්තමානය වන විට අපරාධ වැඩි වීමට එක් හේතුවක් ලෙස මාධ්‍යයේ අනිසි ක්‍රියාකාරිත්වය පෙන්වා දිය හැක.
එහෙත් පිරිහෙමින් පවතින සමාජය යළි ගොඩ නැගිය හැක්කේ මාධ්‍යට පැමණි. මන්ද මාධ්‍යට සමාජයට දැඩි පෙළඹවීමක් සිදු කළ හැකි නිසාය.එම පෙළඹවීම යහපත් වුවහොත් සුචරිතවත් සමාජයක් බිහි කර ගත හැකිය.මාධ්‍ය සතුව පවතින්නේ හුදු විනෝදය ලබා දීම පමණක් නොව ඉන් එහා ගිය විශාල වගකීම් සමුදායක් මාධ්‍ය වෙත පැවරී ඇත. අපරාධ දූෂණවලට එරෙහිව මාධ්‍ය නැගී සිටිය යුතුය. නිවැරදි තොරතුරු සම්පාදනයක් මාධ්‍ය සිදු කළ යුතුය. මාධ්‍ය තම වගකීම් නිසි ලෙස ඉටු කළහොත් පිරිහෙමින් පවතින සමාජය යළි ගොඩ නැගීමට සමාජය අදුරෙන් ආලෝකයට ගෙන යා හැක. ලාභ අරමුණු පසෙකලා සුචරිතවත් සමාජයක් බිහි කිරීමේ වගකීම මාධ්‍ය භාර ගත යුතු කාලය එළඹ ඇත.
G.D.B.Jayamalee
SC/MM/2015/2016/29
Gdk hoda wedak
ReplyDeleteNiyamai
Good work