ගෝලීයකරණය




                   වර්තමාන සමාජයේ අපිට නිතර ඇහෙන වචනයක් බවට ගෝලීයකරණය යන වචනය  අද පත්වෙලා තියෙනවා .එහෙනම් මොකක්ද මේ ගෝලීයකරණය???? .අපි ඒ ගැන ටිකක් හොයලා බලමු.

           ජනමාධ්‍යයේ සංවර්ධනයත් ඒ හා බැදුනු ආර්ථික ,සංස්කෘතික ක්‍රියාවලියත් සමගම කරලියට ආ වදනක් දෙස "ගෝලීයකරණය" හැදින්විය හැකිය. ගෝලීයකරණය ඉංග්‍රීසි බසින් "Globalization" යනුවෙන් හදුන්වනු ලබයි.  එසේම ජගත්කරණය , ලෝකගතකරණය, ලෝකාවේශය යන විවිධ නම්ද  ගෝලීයකරණය හැදින්වීමට යොදා ගනී.

        ගෝලීයකරණය යන සංකල්පය  මාධ්‍ය කරලියට පැමිණියේ වර්ෂ 1983 යුනෙස්කො සංවිධානය මගින් ප්‍රකාශයට පත් කෙරුණු "හඩ රැසක්,  එක ලොවක්" (mamy voice ,one world) නම් මැක්බ්‍රයිට් වාර්තාව මගින්‍ ය.

          මේ අනුව මෙලෙස වටිනාකමක් ඇති මෙම ගෝලීයකරණය යන සංකල්පය පිළිබඳ හදුනා ගැනීමට විවිධ උගතුන් ,ආයතන ඉදිරිපත් කල නිර්වචන බොහෝ වැදගත් වේ .

             එහිදී සිංගප්පූරුවේ සංවර්ධනයේ නියමුවා වූ ලී ක්වාන් යූ මහතාට අනුව "ගෝලීයකරණය යනු වෙළෙදාම හා ජාත්‍යන්තරව  ආයෝජනයන්ට ඇති බාධා ඉවත් කිරීමයි. එහි අරමුණ වන්නේ පහළ හා මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලබන රටවලට ගෝලීය ආර්ථිකයට සහබාගීවීමේ ඉඩකඩ වැඩි කිරීම්යි"

කරුනාදාස මහතාට අනුව "ගෝලීයකරණය යනු බහු පාර්ශවික වෙළෙඳ වාදයක් වේ".

එසේම තවත් විද්වතෙක්ට අනුව "ගෝලීයකරණය යනු යුරෝපයේ මධ්‍යකාලීන පුනරුදයෙන් ආරම්භව,වර්තමාන පශ්චාත් නූතනවාදය තෙක් සමාජ, ආර්ථික , සංස්කෘතික වර්ධනය සමග ඇති වූ තාක්ෂණික විප්ලවය හා බැදුනු ප්‍රපංචයකි"
 
          මේ අනුව පෙනී යන්නේ ගෝලීයකරණය යනු වෙළෙදාම පමණක් කේන්ද්‍ර කරගත් සංකල්පයක් නොවන අතර එය ආර්ථික, සමාජ, සංස්කෘතික සමග බැදුණු තාක්ෂණික සංකල්පයක් බවයි.

            මෙලෙස  මාධ්‍ය සංස්කෘතිය මගින් ලෝකයම විශ්වගම්මානයක් වන බවට මුල්වරට අදහස් ඉදිරිපත් කරනු ලැබූවෙ මාධ්‍ය විශාරදයෙක් වූ මාෂන් මැක්ලූහන්ය. මොහුගේ මෙම විශ්ව ගම්මාන සංකල්පය ඔස්සේ මානව  සමාජයේ පොදු ලක්ෂණ කිහිපයක් කෙරෙහි වැඩි අවදානයක් යොමු කර ඇත.ඒ අතර අන්තර්ක්‍රියාකාරීත්වය, අන්තර් සම්බන්ධතාව වැදගත් වේ. මෙම ලක්ෂණවල සමානකම් දැකිය හැකිය.එනම් එකිනෙකා මත යැපෙමින් එකිනෙකා හා සම්බන්ධවෙමින් එකිනෙකා හා ක්‍රියාකාරී වීම මානව සමාජයේ ස්වරූපය නිසාය.

            මේ අනුව ගෝලීයකරණය යනු මානව සබදතා දියුණු වීමේ ප්‍රතිඑලයක් වේ. එපමණක් නොව ගෝලීයකරණය සමස්ථ සමාජය හා මුලු ලෝකයම ඒකාබද්ධ කරන යාන්ත්‍රනයක් ලෙසද දැක්විය හැකිය..

W.A.A. Ishani Wanasinghe

SC/MM/2015/2016/81

Comments

Post a Comment

Popular posts from this blog

තාරුණ්‍යය හා ජංගම දුරකථන

නව මාධ්‍ය යනු කුමක්ද ?

සන්නිවේදන යනු කුමක්ද ???