දේශපාලනය හසුරුවන මාධ්‍ය හස්තය
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAKvfghwuh_jHZ06QBfaSYjav4NYube2RVtHMrcTgshTonZkbN5LJwVOtfwziV4TH8J1dTharSALnKKQ2KBFFRohfG5WbmSkcnv8qUraXCAw_yO_J-kefbURB1dLFhVcr2YA7Ff5r5lO8/s320/president-sirisenas-verified-facebook-page-screen-shot-on-26-july-2015-at-14-00-sri-lanka-time.jpg)
ජනාධිපතිවරණයේ දිනුම කාටද? මීලඟට මහ මැතිවරණයෙන් පත්වන නව පක්ෂය කුමක්ද? යනාදී මේ සියල්ල අද වන විට මාධ්‍යයේ තීරණ වී හමාරය. 2015 වසරේ පැවති ජනාධිපතිවරණය ඊට දෙස් දෙයි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය නව මාධ්‍ය සමාජ ජාල යන මාධ්‍ය තුලින් ගොඩනැගූ ප්‍රතිරූපය මත ලබාගත්තක් විය. ජනතාවගේ දේශපාලනික මතවාදය වෙනස් කල යුත්තේ කෙලෙසින්ද යන්න මාධ්‍ය හොඳින් දනී. මතවාද නිර්මාණය කිරීම හා ඒවා සමාජගත කිරීම තුල ජනතාව තුල තනි තනිව මතුවන මතවාදීමය අදහස් වෙනස් කරන්නට නව මතවාද නිර්මාණය කරන්නට මාධ්‍ය සමත්ය. ජනතාවගේ දෛනික න්‍යාය පත්‍රය නිර්මාණය කරන්නට තරම් බලපෑමක් මාධ්‍ය සතුය. සියලු දේ මාධ්‍ය විසින් පාලනය කරන්නාවූ තැනට පත්ව තිබේ. මාධ්‍ය දේශපාලනිකරණයට නතු වීම තුල විවිධ පුද්ගලයින්ට පක්ෂවලට පක්ෂපාතී වන ආකාරයෙන් තොරතුරු ප්‍රවාහය හසුරුවනු දැකිය හැකිය. ඒතුල වැරදි අදහස් මතවාද සමාජගත වන අතර ජන මනස නොමග යෑමද සිදුවේ. මේ නිසාවෙන්ම මාධ්‍ය අපක්ෂපාතී ලෙස මාධ්‍ය සදාචාරය ආරක්ෂා වන අන්දමින් කටයුතු කිරීම වැදගත් වේ.
U.W.S.Udamahima
SC /MM /2015 /2016 /83
👌
ReplyDelete