අන්තර්ජාලයට තවමත් බය ද ?


                
                  ඉන්ටර්නෙට් ( internet ) මාධ්‍යයේ එක් වසරක් යනු සාමාන්‍ය ලෝකයේ වසර ගණනාවක පරිනාමයකි. මේ පරිණාමීය වර්ධනය  හා මාධ්‍ය ලෝකයට හා සමස්ත ජන සමාජයට වන බලපෑම පිළිබඳ අවධියෙන් සිටීම වැදගත්. 1990 සරසවි ඇදුරන්ට සීමා වූ ඉන්ටර්නෙට් භාවිතයක් මෙරට පවතියද, ඕනෑම පුද්ගලයකුට මුදල් ගෙවා ලබා ගත හැකි සේවා ඇරඹුණේ 1995 අප්‍රේල් මාසයේ සිටය. 1995 සැප්තැම්බර් ලේක් හවුස් ඉංග්‍රීසි පුවත්පත්වල වෙබ් අඩවි ඇරඹීමත් සමග මෙරට මාධ්‍ය ඉන්ටර්නෙට් වෙත ප්‍රවේශ විය. මේ වන විට මෙරට ජනගහනයෙන් සියයට 10ක් පමණ ඉන්ටර්නෙට් පරිශීලනය කරනු ලැබේ. වත්මනේ විශාල තොරතුරු සමුදායක්  නිතරම ඉන්ටර්නෙට් හරහා හුවමාරු වේ. email,skype,facebook ආදි සමාජ මාධ්‍ය සෙසු පුද්ගලයාට විවෘත නොමත. ඇතම් වෙබ් අඩවි මුරපදයක් යොදා අවසර ගෙන ඇතුළත් විය යුතු ඒවා වේ. ඇතම් මාධ්‍ය ආයතනවල වෙබ් අඩවි මේ ගණයට අයත් වේ. ඊට අමතරව නොමිලයේ පිවිසිය හැකි වෙබ් අඩවි ද වේ. අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන,මිනිසුන් මුලා කරමින් මුදල් වංචා කරන ,අසභ්‍ය පින්තූර හා වීඩියෝ ඇතුළත් වෙබ් අඩවි ද වේ.මෙම වෙබ් අඩවි සමාජ පරිහානියට හේතු සාධකයකි .                                
                      අතට හසු නොවන මනසට පවා නුහුරු මේ අලුත් සෙල්ලම ගැන ඇතම් දෙනා බිය උපදවා ගැනීම පුදුමයක් නොවේ. වසර 16ක් ගත වවුත්  ලංකා සමාජය  තවමත් ඉන්ටර්නෙට් සමග බද්ධ වන්නේ යම් දෙගිඩියාවක්  සමගිනි.

                    අලුත් දෙයකට හුරුවන්නට කල් ගත වීම ස්වභාවික වුවත්,දිගින් දිගටම නව මධ්‍ය කෙරෙහි වපර ඇසින් බලීම යුක්ති සහගත වෙද? වත්මන් ආන්දෝලනයට හේතු වී ඇත්තේ සුළුතරයක් වෙබ් අඩවි ප්‍රවෘත්ති වර්තාකරනයට හා කාලින සිදුවීම් විග්‍රහයන්ට යොමු  වීමේ මේ ප්‍රවනතාව රජයට මෙන්ම සාම්ප්‍රදායික ජන මාධ්‍ය වලටද බලපෑමක් වී තිබේන නිසාය.

                     ඉන්ටර්නෙට් යනු මුලුමනින්ම පලනය කල හැකි මාධ්‍යයක් නොවේ. ඉන්ටර්නෙට් මුල පටන්ම සැලසුම් කොට නිර්මාණය කර ඇත්තේ කිසිදු තනි බලාධිකාරයකට(රාජ්‍ය ,හමුදා හෝ සමගම්)නතු කර ගෙන පාලනය කල නොහකි ලෙසිනි. ඉන්ටර්නෙට් බිහි කිරීමට තාක්ෂණික දැනුම හා මූල්‍යමය සම්පත් ලබා දුන් ඇමරිකානු රජයට පවා ඉන්ටර්නෙට් හැසිර විය නොහක.එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා ඉන්ටර්නෙට් පලනයට අවසන් බලතල නොමැත . නමුදු මින් අදහස් වන්නේ  ඉන්ටර්නෙට් ඇති සයිබර් අවකාශය අරාජික,අන්තරදායක පරිසරයක් යන්න නොවේ. අප කැමති වුවත් ,නැතත් නව සන්නිවේදන තාක්ෂණයන් හා මාධ්‍යයන් ලෝකයේ පරිනාමය වීම සිදු වේ. ඒව අභිමුඛව අපට තෝරා ගත හැකි ප්‍රතිචාර දෙකකි."ඕවා අපට එපා "යනුවෙන් නව මාධ්‍ය වෙත පිවිසීම නතර කිරීමයි.           අනෙක නම් ළිං මැඩියන් බදු ජාතියක් බිහි නොකර ,නිසි නියමනයක් සහිතව සන්නිවේදන තාක්ෂණයන් මෙරට ස්ථාපිත කිරීමයි. එහිදී ප්‍රශස්ත ප්‍රතිපත්ති රාමුවක් හා නියාමන ක්‍රමවේදයක් අවශ්‍ය වේ.  මෙම තත්වය හරි හැටි තේරුම් නොගැනීම ලාංකිකයා මෙතරම් ඉන්ටර්නෙට් භාවිතය කෙරෙහි බිය වීමට හේතු ස සාධක වී ඇත.

k. M. k. G. T. S  Hennayake

SC /MM/ 2015 / 2016/ 26

Comments

Post a Comment

Popular posts from this blog

තාරුණ්‍යය හා ජංගම දුරකථන

නව මාධ්‍ය යනු කුමක්ද ?

සන්නිවේදන යනු කුමක්ද ???