රූපවාහිනියේ කාටුන් හා ළමුන්


            අද වන විට පෙළබවීමේ මාධ්‍ය අතර රූපවාහිනීය තවමත් මුල් තැනලා සිටී. ඔවුන් ඉලක්කගත කරගන්නෙ විවිධ කොටස්ය.ඒ අතර ළමා පිරිස් , තරුනියන්,  ගෘහනියන් මෙන්ම වයස්ගත වූවන් ප්‍රමුඛ වෙයි. ලෝකයේ තොරතුරු පිපාසාවෙන් පෙලෙනවූවන්ට සන්නිවේදන මාධ්‍යයක් වන රූපවාහිනිය නොහොත් ටෙලිවිෂනය , අද වන විට ළමා මනසේ විකෘති කාරකයක් වී හමාර බව නොසතුටෙන් වුවද පිලිගතයුතු කරුනකි.
නිවසේ අධික වැඩ තිබෙන මව තම දරුවන් එක්තැන් කරන්නේ රූපවාහිනී ප්‍රේතයාගේ බැල්මට සිය දරුවන් හසු කරමිනි. "මේ කාටුන් බලන්නකො බබා"සෑම නිවසකම ඇහෙන පොඩ්ඩන්ට සොදුරු වදනකි. ඉතින් සුවහසක් දරුවන්ගේ සිතිවිලි මාරයා වන ටෙලිවිෂන් ප්‍රේත වස්තුව කාටුන් නමින් හවස් වරුවේ අපේ රටේ කලඑලි බහින්නට පටන් අරන් ඇත.

          මොහොතක් සිතන්න. එදා කාටුන් බැලූ දරුවා සහ අද කාටුන් බලන දරුවන්ගේ පැහැදිලි වෙනසක් දකින්නට තිබුනද? ඒවා වටහාගැනීමට වැඩිහිටි අවධානය ඒ තරමටම ඔවුන් පිළිබද නොලැබීම අවාසනාවට කරුනකි..

              අද වන විට ආසාවෙන් දැනුමක් ලබා ගැනීමට කාටුන්වල කිසිවක් නැති අතරම හොදින් නිරීක්ෂණය කළවිට කාටුන් නැරඹීමෙන් පසු පොඩ්ඩන් නැගිටින්නේ ලග ඇති පුටුව පවා පෙරලමින් නම් එය පුදුමයක් නොවේ. ඒ කෙසේ වුවත් අහල පහල ගෙදරක කෙල්ලෙක්ට බැල්ම දැමීම ද මහ ලොකු දෙයක් නොවේ. ඔවුන් බලන කාටුන් සියල්ලගේම පවා ඇත්තේ සැගවුනු ලිංගිකත්වයක් පමනි. එනම් එක් ආකර්ෂණීය දෙයක් පසුපස හබා යාමක්ම පමනි. එහෙත් ඒ හබා යාම හුදු ජීවන රටාවන් වෙනස් කරලීම මෙන් ම පරිකල්පනයන් අඩු මෙන් ම ක්‍රියාශීලී නොවන දරුවන් පිරිසකගේ පරම්පරාගත බිහිවීමක අසුභ ලකුනු පමනකැයි වටහා ගැනීම අප සතු නොවේද.

              හවස මිදුලට පැන සෙල්ලම් කරමින් වැය වන ශක්ති ප්‍රමානය දරුවන්ගේ බුද්ධි වර්ධනයට මං පෙත් විවරකිරීමත් නීරෝගී පරපුරකට ආවඩන බවත් අද දෙමාපියන් වටහා නොගැනීම අවාසනාවට කරුනකි.
කාටුන් හුදෙක් ලමා මනස විකෘති කරන්නාවූ ප්‍රේත වස්තුවක් වන්නේ එබැවින්ය.

M.P.Senevirathne
SC /MM/ 2015/2016/ 70

Comments

Popular posts from this blog

තාරුණ්‍යය හා ජංගම දුරකථන

නව මාධ්‍ය යනු කුමක්ද ?

සන්නිවේදන යනු කුමක්ද ???