මාධ්‍යයේ ආගමික රැල්ල



               මාධ්‍ය මගින් රැල්ලට යාම අද සාමාන්‍ය දෙයක් වී හමාරයි. රැල්ලට නම්ම ගන්න ගොඩක් අය අතරෙ අපෙන් ටික ටික ඈත් වෙන පරිනත වැඩිහිටි පරම්පරාවත් රැල්ලට අහුවෙලා කිව්වොත් ඔයාල පිලිගනීද...??

           හවසට ටී වී එක ලගට ගිහින් බලන්න... බන චැනල් කීයක් අතරෙ මේ වැඩිහිටි ආත්තම්මල කොටුවෙලාද කියල. බණ  අහන එක කොච්චර හොද උනත් ඒක රැල්ලට මිසක් ඒකෙන් ජීවිතේට ගන්න දෙයක් නැති එකයි වෙලා තියෙන්නෙ. බණ චැනල් පෝලිමට බිහි උනාට ඇත්තටම මූලික පරමාර්ථය වෙන්නෙ මුදල් උපයන එක මිසක් සංසාරේ නිවන් අවබෝධයක් ලබා දෙන්න ධර්ම දානය දෙන එක නම් ඇයි මේ තරම් ගම්නිගම් ගම් අතරේ මේ රැල්ල ගිහින් තියෙන්නෙ. ටිකක් හිතල බලන්න ගමේ පන්සලේ හාමුදුරුවන්ට දානෙ නොදෙන අපේ ආත්තම්මල ලොකුවෙන් සල්ලි වියදම් කරල අසපුවක හාමුදුරුවෝ ගමට ගෙන්නල බණ කියනවා. කොච්චර බණ කිව්වත් බණ එකමයි. අවසානෙට මේකෙ මූලිකත්වය ගත්ත කෙනාගෙ නම උජාරුවට ගමේ ඇහෙන එකයි ඔවුන්ට තියෙන්න ඕනෙ. කොච්චර උඩ හිත බණට ලැදි බවක් පෙන්නුවට යටි හිත හොයන්නෙ ප්‍රසිද්ධියේ තමන්ගෙ නම ඇහෙන්න කියවගන්න එක. ලොකුවෙන් බණක් කියන දවසට සුදුවතින් පේ වෙලා එන්නෙ හැමෝටම වඩා ආඩම්බරෙන් . එදාට සමහර අය ගමේ වැටක් අයිනෙ තියෙන මල් නෙමෙයි පූජ කරන්න ගෙන්නෙ. ඒවාට ගෙන්නෙ නුවරඑළියෙන් ගෙන්නපු හොදම මල්. කවද්ද අපේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ එහෙම ඒව තිබ්බෙ. චේතනාවයි වැදගත්.අපි නොදන්නව උනාට අපේ නොදැනුවත් කමින්ම අපේ වැඩිහිටියොත් රැල්ලට ගිහින් ඉවරයි..
 ඒ වගේමයි ටෙලි කතවල තියෙන්නෙම පන්සල් ආශ්‍රය කරගෙන හුරතලෙට පොඩි හාමුදුරු කෙනෙක් අරගෙන විකාශය අරන ඒව විතරයි නේද. ඒවත් රැල්ලට. අනිත් ආගම්වල ඒ අයගෙ වැදගත් දවසක මිසක් ගොඩක් වෙලාවට කතාවකටවත් ඒ ආගමේ දේවල් ගන්නෙ නෑ. කොහොම උනත් ඒක තමා අපේ මාධ්‍ය යතාර්ථය කියල පේනේ නැත්තෙ අපේ ආගම දැං රැල්ලට ගිහින් අහවර වෙලා නිසා. ආගමට ගැරහීමක් නෙමෙයි. ධර්ම දානය කෙනෙක්ගෙ අවංක හිතිං වෙනවනම් තමා හොදම...

M.P. Senevirathne

SC /MM /2015 /2016 /70

Comments

Popular posts from this blog

තාරුණ්‍යය හා ජංගම දුරකථන

නව මාධ්‍ය යනු කුමක්ද ?

සන්නිවේදන යනු කුමක්ද ???