මැතිවරණ හා ජනමාධ්‍ය

         
           

                     නිදහස හා විවෘත සමාජයක මැතිවරණය යනු නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රකාශයට පත්වන ප්‍රමුඛතම ප්‍රපංචයකි. මැතිවරණ ක්‍රියදාමය නිවැරැදිව කලමනාකරණය නොවුනොත් ජනතාවාදී නොවන අයහපත් ,සමාජ ,දේශපාලන ,ආර්ථික වටපිටාවක් නිර්මාණය වීමට ඉඩ ඇත. 1985 ටයිෆින් පෙන්වා දෙන පරිදි ජනමාධ්‍ය ප්‍රදානතම රගමඩල බවට පත් වේ. ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල පැවත්වෙන මැතිවරණයවලදී තොරතුරු ලබාදෙන ප්‍රදානතම පොදු මූලාශ්‍රය වන්නේ ජනමාධ්‍යයි. මෙරට දේශපාලනයේ ජනමාධ්‍ය භූමිකාව විමසා බැලීමේ දී එය දේශපාලන පක්ෂපාතීත්වයක් දැරීම මතභේදයට තුඩු දෙන්නකි.

                   ඇතම් පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ මාධ්‍ය න්‍යායපත්‍ර ජන්දදායකයාගේ සංජානනය හා අවබෝධය කෙරෙහි බලපාන බවයි. බර්ඩ්ට අනුව මාධ්‍ය විසින් අවශ්‍ය වූ විට දේශපාලන පක්ෂවලට සහ නායකයන්ට ජීවය දීම හෝ අභාවයට පත් කිරීම සිදු කරයි. ජන්දදායකයාගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ප්‍රබල බලපෑමක් කරන ආයතනයක් ලෙස ජනමාධ්‍ය පෙන්වා දිය හැක.
         
                   අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව යම් රටක මැතිවරණ පවත්වන ව්ට, එරට රජය විසින් මැතිවරණ සමයේදී මාධ්‍ය නිදහස සහතික කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. මාධ්‍ය බහුවිධත්වයක් හා නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය  නොමැති රටක ජනමාධ්‍යයන්ට මෙම කාර්යය  ඉටු කල නොහැක. රාජ්‍ය හිමිකාරිත්වයට වෙලෙඳ හිමිකාරිත්වය මෙන්ම  මාධ්‍ය හිමිකාරිත්වය ඇති බැවින් අදහස් හා මතවාද ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථා ඇහිරෙයි..

                   ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල මැතිවරණ ආවරණය කිරීමේ දී විද්‍යුත් මාධ්‍ය ප්‍රමුඛ වේ. වර්ඩ්(1995) නම් විද්දතා පවසන්නේ රූපවාහිනිය ප්‍රධානම දේශපාලන සන්නිවේදකයා බවට පත්වන බවයි .මෙහිදී මැතිවරණ ආවරණය කිරීමේ දී සමබරබව හා අපක්ෂපාතීත්වය ආරක්ෂා කිරීම රූපවාහිනී මාධ්‍ය මුහුණ දෙන ප්‍රබල ගැටලුවකි.

                     අන්තර්ජාලයද මැතිවරණය සමයෙහි ප්‍රබල මාධ්‍යයක් බවට පත්ව ඇත. ජනතාව කෙරෙහි පමනක් නොව පලකයා කෙරෙහි බලපෑම් කිරීමට නව මාධ්‍ය සමත් වී ඇත.නමුදු මේ ඕනෑම මාධ්‍යයක් අපක්ෂපාතීව ජනතාව වෙත මැතිවරණ කරුනු ලබා දෙන්නේ නම් එරට ජනතාවට තීරණ ගානීමට මහත් රුකුලකී.


k.M.K.G.T.S. Hennayake

SC / MM /2015/ 2016/ 26

Comments

Popular posts from this blog

තාරුණ්‍යය හා ජංගම දුරකථන

නව මාධ්‍ය යනු කුමක්ද ?

සන්නිවේදන යනු කුමක්ද ???