රූපවාහිනීයේ ලංකා ආගමනය


(ශාන් වික්‍රමසිංහ මහතා)

           අද වන විට අපේ රටේ බොහෝ නිවෙස්වල රූපවාහිනියට නිවසේ ඉහලම පිළිගැනීමක් හිමි වෙලා තියෙනවා. ඒවිතරක් නෙමෙයි  ටෙලිවිෂනය අද පවුලේම  අපේම සාමාජිකයෙක් වී හමාරයි . ඒ තරමටම ටෙලිවිෂනය  අද වන විට අපි හැමෝටම සමීප වෙලා. මෙච්චරටම අපි හැමෝටම සමීප උන අපේ ටෙලිවිෂන් හිතවතා ලංකාවට ආවේ කොහොමද කියලා   හොයලා බලමු...

           වර්ෂ 1966 දී ජර්මන් රජය ලංකා රජය සමග රූපවාහිනි විකාශනයක් ආරම්භය කිරිමට උත්සහය ගත් නමුත් එවකට අගමැති වූ ඩඩ්ලි සේනානායක මහතාගෙන් එයට යහපත් ප්‍රතිචාර හිමි නොවීය. එයට බලපෑ ප්‍රධාන හේතුව වුවේ ඔහු විසින් ඇමරිකාවේ කරන ලද සංචාරකදී ,ඇමරිකානූ රූපවාහිනි නාලිකාවල තිබූ වැඩසටහන් පිළිබඳ ඔහු තුල පැහැදීමක් නොවීමයි.  එයින් ලාංකේය සංස්කෘතියට  විශාල අයහපත් බලපෑමක් වෙතැයි ඔහු විශ්වාස කරන්නට ඇත. එසේම එවකට ලංකා රජයේ ගුවන්විදුලි සේවයෙන්ද පුලුල් විකාශනයක් නොතිබූ නිසා ලංකා රජය නව රූපවාහිනි සේවයට අකමැති විය. එසේ ලංකා රජය, ලංකාවේ   රූපවාහිනි සේවයක් පිහිටුවීමට අකැමැති වූ තවත් හේතුවක් වුවේ රූපවාහිනි වැඩසටහන් සදහා මෙන්ම නාලිකා ප්‍රචාරය කිරීමට යන අදික වියදම නිසාවෙනි.

              නමුත් වර්ෂ 1967 දී නැවත වරක් ශාන් වික්‍රමසිංහ මහතා විසින් ලංකා අගමැතිවරයා හමුවී පුද්ගලිකව මේ සදහා ඉල්ලීමක් කරන ලදි. ඔහුගේ මේ ඉල්ලීමට පාදක වූවේ ශාන් වික්‍රමසිංහ මහතා රූපවාහිනි තාක්ෂණවේදය පිළිබඳ ලැබූ විදේශ අධ්‍යාපනයයි. නමුත් එම ඉල්ලීමද සාර්ථක නොවීය. වර්ෂ 1970 දී  බලයට පත් වූ  රජයද මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි.

              වර්ෂ 1977 දී බලයට පත්වූ ජේ.ආර් ජයවර්ධන අගමැතිවරයා වෙත ශාන් වික්‍රමසිංහ මහතා සිය ඉල්ලීම නැවත ඉදිරිපත් කරන ලදි. එම සාකච්ඡාවේ සාර්ථක ප්‍රතිඑලයක් ලෙස වර්ෂ 1979 අප්‍රේල් 13 දින ශාන් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ පළමු ටෙලිවිෂන් සම්ප්‍රේශන ආයතනය බිහි කරන ලදි . එම නාලිකාව ස්වාධීන රූපවාහිනි සේවයයි. (Independent Television Network -ITN) එතැන් පටන් ලංකාව තුල රූපවාහිනියේ ගමන්මග ආරම්භ විය.

W. A. A. Ishani Wanasinghe

SC/MM/2015/2016/81

Comments

Post a Comment

Popular posts from this blog

තාරුණ්‍යය හා ජංගම දුරකථන

නව මාධ්‍ය යනු කුමක්ද ?

සන්නිවේදන යනු කුමක්ද ???